ජෝබ් 7
7
1“මිහි මත මිනිස් ජීවිතය සටනක් නොවන්නේ ද?
එය දවසේ කුලියට වැඩ කරන කුලීකරුවෙකුගේ දිවිය මෙන් නොවේ ද?
2තුරු සෙවණෙහි විවේකය සොයන වහලෙකු මෙන් ද වැටුප ගෙවන තුරු බලා හිඳින කුලීකරුවෙකු මෙන් ද
3මසින් මසට පාළු සිතින් කල්යැවීමට මට නියම ව ඇත;
රැයින් රැය මම දුකින් දුකට පත්වන්නෙමි.
4මම නින්දට යන කල, ‘රැය ගෙවී කොයි වේලේ නැඟිටිම් දැ’යි කියා ගනිමි.
පහන් වන තුරු ඒ මේ අත පෙරළෙමින් සිටින්නෙමි.
5මා සිරුරෙහි සෑම තැන ම පණුවෝ ඇත;
මාගේ ඇඟ හැම තැන හොරිවලින් වැසී ඇත;
මාගේ වණවලින් සැරව ගලා යනු ඇත.
6බලාපොරොත්තු රහිත ව මම දවස් යවමි;
ඒවා නූල් කටින නඩාව මෙන් යුහුව දුව යයි.
7“දෙවි සමිඳුනි, මාගේ දිවිය සුළං රොදක් පමණක් බව සිහි කරන්න;
වාසනාව මින් මතු මා නොදකිනු ඇත.
8දැන් ඔබ මා දකින දෙනෙත් යළි කිසි දා මා නොදකිනු ඇත;
ඔබේ දෙනෙත් මා සොයතත්, මින්පසු මා දක්නට නැත.
9නැති වී නොපෙනී යන වලාකුළක් විලසින් පාතාලයට බැස යන මිනිසා ආපසු නැඟී නොඑයි.
10සිය නිවෙසට ඔහු හැරී නොඑයි;
ගෙදර උදවිය තවත් ඔහු නොදකිති.
11“මට නම්, කට වසාගෙන ඉන්න බැරි ය;
දැඩි සිත් තැවුළින් මම කතා කරමි.
මා හද තුළ ඇවිලෙන සෝගින්නෙන් විලාප කියමි.
12ඇයි මා වටකර මුර කරගෙන ඉන්නේ?
මම දිය රකුසෙක් ද?
මහ මුහුදේ නාගයෙක් ද?
13‘මාගේ ඇඳෙහි මම සහනය ලබමි.
මාගේ යහනෙහි සෝදුක නැති කරගනිමි’යි මම සිතන්නෙමි.
14එවිට, ඔබ ස්වප්නවලින් මා බිය ගන්වන සේක;
දර්ශනවලින් මා තැති ගන්වන සේක.
15මෙසේ ජීවත් වීමට වැඩියෙන් ගෙල මිරිකා මරණු ලැබීම මට හොඳ ය;
මෙවන් දුක් රාශියට වඩා මරණය යෙහෙකි.
16මට කිසි පැතුමක් නැත;
මට ජීවිතය තිත්ත වී ඇත;
මට හුදකලා ව ඉන්නට ඉඩ දුන මැනව.
මාගේ දිවිය සුළං රොදක් පමණකි.
17 #
ගීතා 8:4; 144:3 ඔබ මිනිසා ගැන මෙතරම් ඉහළින් සලකන්නටත්, ඔහු වෙත ඔබ සිත යොමුකරන්නටත්,
18උදයෙන් උදය, මොහොතින් මොහොත ඔහු සෝදිසි කරන්නටත් මිනිසා කවරෙක් ද?
19මොහොතකට වත් ඔබ මා කෙරෙන් ඔබේ බැල්ම ඉවතට නොගන්න සේක් ද?
කෙළ පිඬ ගිලින තෙක් වත්, ඔබ මට ඉන්නට ඉඩ නොදෙන සේක් ද?
20මුරකාරයාණෙනි, මාගේ පවින් ඔබට වරදක් වී ද?
ඔබේ දුන්නට මා ඉලක්කයක් කර ගත්තේ මන් ද?
ඔබ හට මා එතරම් බරක් වී ද?
21ඔබ මාගේ වරදට කමා වී, මාගේ අයුතුකම පහනොකරන්නේ මන් ද?
යුහුව මා දූවිල්ලට හැරෙනු ඇත.
ඔබ මා සෙව්වත් මා දක්නට නැත.”
Currently Selected:
ජෝබ් 7: NRSV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society

:
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society