ජෝබ් 5
5
1“දැන් ඉතින් හඬගා බලන්න.
පිළිතුරු දෙන කෙනෙක් ඇද් ද?
සගලොව කවර දේව දූතයෙකු වෙත ඔබ හැරෙන්නෙහි ද?
2දැඩි අමනාපය නිසා අනුවණයා නැසීයන්නේ ය.
කෝපය නිසා මෝඩයා මියයන්නේ ය.
3අඥානයා මුල දී සාර්ථක වන සැටි මා දැක ඇත;
එහෙත් සැණෙකින් ඔහුගේ නිවෙසට සාපය පැමිණෙයි.
4ඔහුගේ දරුවන්ට සුරැකියාවක් නැත;
නඩුහබවල දී පිහිට වන්න කිසිවෙක් නැත.
උසාවියේ දී ඔවුන් වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් නැත.
5අනුවණයන් රැස් කරන අස්වැන්න සාගිනි ඇති අය කාදමති;
කටු අතර වැඩුණු ධාන්‍ය වුව ද ඔව්හු කපා ගනිති;
තණ්හා ඇති අය ඔවුන්ගේ වස්තුව පැහැරගන්නට බලා සිටිති.
6විපත පොළොවේ පසින් හට නොගනියි;
දුක භූමියෙන් මතු නොවෙයි.
7ගිනි පුපුර ගිනි මැලයෙන් ම ඉහළ නඟින්නාක් මෙන් මිනිසාගේ දුක මිනිසාගෙන් ම පැමිණෙයි.
8එහෙත්, මම නම්, දෙවි තුමන් වෙත හැරී මාගේ නඩුව එතුමන්ට බාර කරමි.
9එතුමන්ගේ ප්‍රබල ක්‍රියා අචින්ත්‍ය ය;
අරුමපුදුම දේ අසංබ්‍ය ය.
10දෙවි තුමාණෝ මහ පොළොවට වැසි වස්වන සේක;
කෙත්වතු පිට දිය වගුරුවන සේක;
11එතුමාණෝ පහත් අය උසස් කරන සේක.
ශෝක වන්නන්ට ප්‍රීතිය ගෙන දෙන සේක.
12එතුමාණෝ කපටින්ගේ උපා වළකන සේක;
ඔවුන්ගේ හැම ප්‍රයෝග ව්‍යර්ථ කරන සේක.
13 #
1 කොරි 3:19
කපටින් ඔවුන්ගේ ම උපාවලින් අසුකරගන්න සේක;
ශූරයින්ගේ කුමන්ත්‍රණ සැණෙකින් බිඳ දමන සේක.
14මහ දවාල ඔවුන්ට තිත්ත කළුවරක් වේ;
මද්දහනේ දී රෑ කාලයේ දී මෙන් ඔව්හු අතපත ගාමින් ගමන් කරති.
15එතුමාණෝ දිළිඳුන් කඩුපතින් ද දුබලුන් බලවතුන්ගෙන් ද ගළවාගන්න සේක.
16මෙසේ දිළිඳුන් හට පැතුමක් ඇත;
අදමිටු දන නිහඬ වනු ඇත.
17 #
හිතෝ 3:11-12; හෙබ්‍රෙ 12:5-6 දෙවි තුමන්ගෙන් දඬුවම් ලබන මිනිසා වාසනාවන්ත ය.
සව් බලැති දෙවි තුමන්ගේ තරවටුවට පිටුපා නොයන්න.
18 #
හොසි 6:1
තුවාළ කරන්නේත් එතුමාණෝ ය;
තුවාළ බඳින්නේත් එතුමාණෝ ය;
වේදනාව ඇති වන්නේත් එතුමන්ගේ අතින් ය;
සුවය ලැබෙන්නේත් එතුමන්ගේ ම අතින් ය.
19පිට පිට විපත් පැමිණියත් එතුමාණෝ ඔබ ගළවන සේක;
පිට පිට විපත් පැමිණියත් ඔබට අනතුරක් නොවනු ඇත;
20සාගත සමයෙහි එතුමාණෝ ඔබ මරණින් මුදාගන්න සේක;
සටන් සමයෙහි කඩු මුවහතින් ඔබ ගළවාගන්න සේක.
21බොරුවෙන් හා වැරදි චෝදනාවෙන් ඔබ රැක ගනු ඇත;
විනාශයෙන් සිතට භීතියක් නොවනු ඇත;
22විපත ද සාගතය ද දැක ඔබ සිනාසෙනු ඇත;
වග වලසුන්ගෙන් බියක් ඔබට නැත;
23ඔබේ කෙත් යායෙහි ගල් මුල් නැත;
වන සිවුපාවුන්ගෙන් පීඩාවක් නැත;
24ඔබේ කූඩාරමෙහි සාමය වැජඹෙන බව ඔබ දන්නෙහි ය;
බැටළු ගාලෙන් කිසිදු සතෙකු නැති නොවන බව ඔබ දන්නෙහි ය.
25ඔබේ දරු පරපුර වැඩි වනු ඇත;
මහා පොළොව මත තණ පත් මෙන් වැඩි වනු ඇත;
26නියම කන්නයේ පැසුණු ගොයම් මිටියක් මෙන් ඔබ දිගායු වළඳා මිය යනු ඇත;
27කිරි ගසට ඇන්නාක් මෙන් මේවා සැබෑ බව අත්දැකීමෙන් අපි දනිමු.
ඔබත් විමසා බලා මේවා ඔබේ යහපතට බව ඔබ ම දැනගන්න.”
Currently Selected:
ජෝබ් 5: NRSV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society

:
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society