ජෝබ් 36
36
1එලීහු මෙසේ ද කීවේ ය:
2“දෙවිඳුන් ගැන කිය යුතු තවත් දේ ඇත;
ඒවා ඔබට පෙන්වා දෙන තුරු මඳක් ඉවසන්න.
3මා දන්න දෙයින්, මාගේ පුළුල් අවබෝධයෙන් මාගේ මැවුම්කාර උතුමාණන්ගේ දැහැමි බව පෙන්වා දෙමි.
4මන්ද, මාගේ තර්කවල බොරුවක් නැත.
විශිෂ්ට පැණවතෙකු ඔබ ඉදිරියෙහි සිටින බව ඔබට පෙනෙනු ඇත.
5දෙවිඳාණෝ බලවත් ය, එහෙත්, කිසිවෙකු, සුළු නොකරන සේක.
එතුමාණන්ගේ ප්‍රඥා මහිමය උදාර ය.
6දෙවි තුමාණෝ අදමිටුවන්ට ඉසුරුමත් වන්නට ඉඩ නොදෙන සේක.
එහෙත්, දිළිඳුන්ගේ හා පීඩිතයන්ගේ අයිතිවාසිකම් සලසා දෙන සේක.
7එතුමාණෝ, දැහැමියන්ට රැකවරණය දෙන සේක;
සිහසුන් අරා, නිරිඳුන් මෙන් ගෞරවයෙන් සැම දා රට පාලනය කරන්නට ඔවුන්ට ඉඩ දෙන සේක.
8එහෙත්, සෙනඟ විලංගුවලින් බඳිනු ලැබ, දුක් පීඩා නමැති යදම්වලට අසු වී සිටිත් නම්,
9දෙවිඳාණෝ ඔවුන්ගේ පාපය හා අහංකාරය ඔවුන්ට පෙන්වා දෙන සේක.
10ඔවුන්ට දැනුමැතිකම් දී, අයුක්තියෙන් ඉවත් වන ලෙස අණ කරන සේක.
11ඔවුන් කීකරු වී එතුමාණන්ට මෙහෙ කළොත්, ඔව්හු දිවි ඇති තාක් යස ඉසුරෙන්, සව් සැපතින් දවස් යවති.
12එහෙත්, අකීකරු වුවහොත්, කඩු පහරින් වැනසී, මළවුන්ගේ ලොවට එතෙර වී යති.
13එහෙත්, අභක්තිකයන් උදහස් ව ම සිටිනු ඇත.
ඔවුන්ට දඬුවම ආවත් ඔව්හු පිහිට පතා අයැදුම් නොකරති.
14යොවුන් වියෙහි සිටිය දී ම ඔව්හු අපකීර්තියට ලක් වී විනාශ වෙති.
15දෙවිඳාණෝ, දුක් විඳීම මඟින් දුක් විඳින්නන්ට ගැළවීම දෙන සේක.
පීඩාව කරණකොටගෙන ඔවුන්ගේ ඇස් පහදන සේක.
16දෙවිඳාණෝ ඔබ විපතින් මුදා, සුරැකෙන තැනක පිහිටුවා ඔබේ කෑම මේසය මංගල භෝජනයෙන් පිරෙවූ සේක.
17එහෙත් දැන්, ඔබ දුදනන් සාධාරණ ලෙස විනිශ්චය නොකරන්නෙහි ය.
විනිශ්චයයට හා සාධාරණකමට ගරු නොකරන්නෙහි ය.
18අල්ලසින් මුළා නොවීමට ද ධන සම්පතින් නොරැවටෙන්නට ද වග බලාගන්න.
19ඔබේ මොරගැසීම වත්, ශක්තියේ බලය වත් ඔබට පීඩාවෙන් ගැළවීමට ආධාරයක් නොවනු ඇත.
20ජාතීන්ගේ විනාශය පමුණුවන අඳුරු රැයට ආසා නොවන්න.
21අදමිටු මඟෙහි නොයාමට බලාගන්න;
දුක් පීඩා පැමිණියේ, ඔබ ඒ මඟින් වළක්වන පිණිස ය.
22දෙවිඳුන්ගේ බල මහිමය කොතරම් විශාල ද?
දෙවිඳුන් සම ගුරුවරයෙක් තවත් ඇද් ද?
23දෙවිඳුන් යා යුතු මඟ නියම කරන්නට සමතා කවරේ ද?
‘ඔබ වරද කර ඇතැ’යි එතුමාණන්ට කීමට කාට හැකි ද?
24මිනිසුන් කවදාත් එතුමාණන්ට පැසසුම් දී ඇත;
ඔබත් එතුමාණන්ට පැසසුම් දීමට සිතට ගන්න.
25එතුමාණන් කර ඇති සියල්ල සැම දෙන දැක ඇත.
එහෙත්, එතුමාණන් යථා පරිදි තේරුම්ගත හැකි කිසිවෙක් නැත.
26දෙවිඳුන් අති ශ්‍රේෂ්ඨ ය;
අපි එතුමාණන් නොදනිමු.
එතුමාණන්ගේ ආයු ප්‍රමාණය දන්නෝ කවුරු ද?
27දිය බිංදු පොළොවෙන් ඉහළට ඇදගෙන, වාෂ්ප මඟින් වැසි වස්වන්නේ දෙවිඳාණෝ ය.
28වලාකුළුවලින් වැස්ස මවා, සව් සත වෙත එය එවන්නේ එතුමාණෝ ය.
29වලාපටල විහිදී යන්නේ කෙසේ ද කියාවත්, එතුමාණන්ගේ මණ්ඩපවලින් ගිගුරුම් නඟින්නේ කෙසේ ද කියාවත් දන්නෝ කවුරු ද?
30දෙවි තුමාණෝ විදුලි එළිය අහස පුරා විහිදුවන සේක;
එහෙත්, මුහුදේ පතුල අඳුරෙහි තබන සේක.
31වැසි වස්වා, ජනතාවට ආහාර සපයා, එතුමාණෝ විපුල ලෙසින් කෑම බීම උපයා දෙන සේක.
32දෙවි තුමාණෝ විදුලිය අතින් ගෙන, නියම ඉලක්කය බලා යන්නට එයට අණ දෙන සේක,
33අහස් ගිගුරුම, කුණාටුව එන බව කලින් දන්වන සේක.
එය එන බව ගව රැළ දනිති.”
Currently Selected:
ජෝබ් 36: NRSV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society

: