ජෝබ් 29:1-5
ජෝබ් 29:1-5 NRSV
ජෝබ් යළිදු සිය කතාව ඇරඹී ය: “අනේ! දෙවිඳාණන් මා රැක බලා ගත් පෙර කාලයට ආපසු යා ගත හැකි නම්! එකල එතුමාණන්ගේ පහන මාගේ හිසට උඩින් බැබළිණි. ඒ එළියෙන් මම අඳුර මැදින් ගමන් කෙළෙමි. එකල මම සමෘද්ධිමත් ව සිටියෙමි; එතුමාණන්ගේ මිතුරුකම මාගේ නිවෙස රැකවල් කෙළේ ය. එකල සව් බලැති දෙවි තුමාණෝ මා සමඟ සිටි සේක; මාගේ දූ දරුවෝ මා අවට වූ හ.





