ජෝබ් 20:4-8
ජෝබ් 20:4-8 NRSV
කාලයාගේ උපත සිදු වූ දා සිට, මිනිසා මිහි පිට පහළ වූ දා පටන්, දුෂ්ටයාගේ ජය ඝෝෂාව කෙටි කාලීන බවත්, අභක්තිකයාගේ ප්‍රීතිය එක මොහොතකට පමණක් බවත් ඔබ නොදන්නෙහි ද? ඔහුගේ මහන්තත්ත්වය අහස දක්වා නැංගත්, ඔහුගේ හිස වලාකුළුවල ගැටෙන තරම් ඔහු උස ගියත්, කුණු කසළ මෙන් ඔහු සදහට ම නැති වී යයි. ඔහු දැන සිටි අය, ‘දැන් ඔහු කොහේ දැ’යි ප්‍රශ්න කරති. ඔහු සිහිනයක් මෙන් පහ ව ගොස් අතුරුදන් වෙයි; රෑ යාමේ දර්ශනයක් මෙන් පහ ව යයි.



