YouVersion Logo
Search Icon

ශුද්ධවර ජොහන් 6:2-6

ශුද්ධවර ජොහන් 6:2-6 NRSV

උන් වහන්සේ රෝගීන් සුව කරමින් කළ හාස්කම් දුටු බැවින් මහා සමූහයක් උන් වහන්සේ පසුපස්සේ ගියහ. එවිට ජේසුස් වහන්සේ කන්දකට නැඟී තමන්ගේ ශ්‍රාවකයන් සමඟ එහි වැඩහුන් සේක. ජුදෙව්වරුන්ගේ මංගල්‍යය වූ පාස්කුව ළං ව තිබිණි. ජේසුස් වහන්සේ ඇස් ඔසවා බැලූ කල, තමන් ළඟට මහා සමූහයක් ඇදී එනු දැක, “මොවුන් හැම දෙනාට ම කන්නට දීමට අපි කොතැනින් රොටි මිලේට ගනිමු දැ”යි පිලිප්ගෙන් ඇසූ සේක. උන් වහන්සේ මෙසේ වදාළේ ඔහු පරීක්ෂා කරන පිණිස ය. මන්ද, තමන් කරන්න යන්නේ කුමක් දැ යි උන් වහන්සේ ම දැන සිටි බැවිනි.

Free Reading Plans and Devotionals related to ශුද්ධවර ජොහන් 6:2-6