YouVersion Logo
Search Icon

වීරාවලිය 11:1-15

වීරාවලිය 11:1-15 NRSV

ගිලියද් වැසියෙකු වූ ජෙප්තා බලසම්පන්න හේවායෙක් විය. ඔහු වේශ්‍යා ස්ත්‍රියකගේ පුත්‍රයෙකි. ඔහුගේ පියාගේ නම ගිලියද් ය. ගිලියද්ගේ භාර්යාව ඔහුට දාව පුත්‍රයන් ලැබුවා ය. ඔහුගේ භාර්යාවගේ පුත්‍රයන් වැඩි වයසට පැමිණි කල, ඔව්හු ජෙප්තාට කතා කොට, “ඔබ අන් ස්ත්‍රියකගේ පුතෙකු බැවින්, අපේ පියාගේ ගෙදර උරුමකරුවෙක් නොවන්නෙහි ය” කියා එළවාදැමුවෝ ය. එවිට ජෙප්තා තමාගේ සහෝදරයන් ඉදිරියෙන් පලා ගොස් ටෝබ් දේශයේ වාසය කෙළේ ය. කමකට නැති මිනිස්සු ජෙප්තාට එකතු වී ඔහු කැටුව ගියෝ ය. කලකට පසු අම්මොන්වරු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කළෝ ය. අම්මොන්වරුන් ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන විට, ගිලියද් දේශයේ ප්‍රජා මූලිකයෝ ටෝබ් දේශයෙන් ජෙප්තා කැඳවාගෙන එන්නට ගොස්, ඔහුට කතා කොට, “අප අම්මොන්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස අපේ අධිපතියා වන්නට පැමිණෙන්නැ”යි ඉල්ලා සිටියෝ ය. ජෙප්තා පිළිතුරු දෙමින්, “ඔබ මා කෙරෙහි වෛර බැඳ, මාගේ පියාගේ ගෙදරින් මා පන්නා දැමුවා නොවේ ද? දැන් ඔබේ විපතේ දී කුමක් නිසා මා ළඟට ආවහු දැ”යි ඔවුන්ගෙන් ඇසුවේ ය. එවිට ගිලියද් දේශයේ ප්‍රජා මූලිකයෝ පිළිතුරු දෙමින්, “අප දැන් යළිත් ඔබ ළඟට ආවේ, ඔබ අප සමඟ ගොස්, අම්මොන්වරුන්ට විරුද්ධ ව යුද්ධ කර, ගිලියද් වැසියන් වන අප සියල්ලන්ට ප්‍රධානියා වන පිණිස යැ”යි ජෙප්තාට කී හ. ජෙප්තා ඔවුන්ට කතා කොට, “අම්මොන්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස ඔබ මා යළිත් කැඳවා ගෙන ගිය විට, සමිඳාණන් වහන්සේ ඔවුන් මා අතට පාවා දුන්නොත්, මම ඔබේ ප්‍රධානියා වන්නෙම් දැ”යි ඇසුවේ ය. එවිට ඔව්හු පිළිතුරු දෙමින්, “සමිඳාණන් වහන්සේ අප අතරේ සාක්ෂි දෙන සේක. සැබැවින් ම ඔබේ වචනය ලෙස ම කරන්නෙමු”යි ජෙප්තාට කී හ. එවිට ජෙප්තා ගිලියද්හි ප්‍රජා මූලිකයන් සමඟ නික්ම ගියේ ය. සෙනඟ ඔහු තමන්ගේ ප්‍රධානියා ද අධිපතියා ද කරගත්හ. ජෙප්තා මිශ්පාහි දී ඔහුගේ සියලු කොන්දේසි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කීවේ ය. ජෙප්තා අම්මොන්වරුන්ගේ රජු වෙත පණිවුඩකාරයන් යවා, “ඔබ මාගේ දේශයට විරුද්ධ ව යුද්ධ කරන පිණිස පැමිණියේ, මා සහ ඔබ අතරේ ඇති කුමන ආරාවුලක් නිසා දැ”යි ඇසුවේ ය. අම්මොන්වරුන්ගේ රජ ජෙප්තාගේ පණිවුඩකාරයන්ට පිළිතුරු දෙමින්, “මා එසේ කෙළේ, ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් ආ කල අර්ණොන් පටන් ජබ්බොක් හා ජොර්දාන් දක්වා මාගේ දේශය පැහැරගත් නිසා ය; එහෙයින්, දැන් ඒ රටවල් සාමදානයෙන් ආපසු දෙන්නැ”යි කීවේ ය. ජෙප්තා අම්මොන්වරුන්ගේ රජු වෙත පණිවුඩකාරයන් යැව්වේ ය. “ජෙප්තා මෙසේ කියන්නේ යැ”යි ඔව්හු කී හ: “ඉශ්රායෙල්වරුන් මෝවබ් දේශය වත්, අම්මොන්වරුන්ගේ දේශය වත් පැහැරගත්තේ නැත.

Video for වීරාවලිය 11:1-15

Free Reading Plans and Devotionals related to වීරාවලිය 11:1-15