YouVersion Logo
Search Icon

ජාකොබ් 4:14-17

ජාකොබ් 4:14-17 NRSV

හෙට කුමක් වේ දැ යි ඔබ නොදන්නහු ය. ඔබගේ ජීවිතය කුමක් ද? ඔබ මඳ වේලාවක් පෙනී, පසු ව නොපෙනී යන මීදුමක් වැන්න. එබැවින් ඔබ කිය යුත්තේ: “සමිඳාණන් වහන්සේ කැමැති සේක් නම්, අපි ජීවත් වී ඒ දෙය හෝ මේ දෙය හෝ කරන්නෙමු”යි කියා ය. එහෙත් දැන් ඔබ පුරසාරම් දොඩමින් අහංකාරයෙන් පාරට්ටු කරගන්නහු ය. එවැනි සියලු පුරසාරම් දෙඩීම් නපුරු ය. එබැවින් යමෙක් කළ යුතු යහපත දැන දැනත් එය නොකරන්නේ නම්, ඔහු පව්කාරයෙකි.

Free Reading Plans and Devotionals related to ජාකොබ් 4:14-17