යෙසායා 56
56
සියලු ජාතීන්ට කැඳවීමක්
1සමිඳාණෝ සිය සෙනඟට මෙසේ වදාරන සේක.
“යුක්තිය ඉටු කර හරි දේ කරන්න.
මම නුඹලා නොපමා ව මුදන්නෙමි.
මාගේ විමුක්තිය එළිදරව් වනු ඇත.
2මේ දේ කරන, එහි නිරත ව සිටින, සබත් දවස පවත්වන, එය නොකෙලසන, නපුර කිරීමෙන් වැළකී සිටින මිනිසා, මැරෙන සුලු මිනිසා, භාග්‍යවන්ත ය.”
3සමිඳුන් සමඟ බැඳුණ විදේශිකයා, ‘සමිඳාණෝ සිය සෙනඟගෙන් මා වෙන් කරන සේකැ’යි නොකියා වා!
නපුංසකයෙක්, ‘මම වියළි ගසක් වැන්නැ’යි නොකියා වා!
4සමිඳාණෝ මෙසේ පවසන සේක:
“මාගේ සබත් දවස රක්ෂා කර, මා ප්‍රිය කරන දේ තෝරාගෙන, මාගේ ගිවිසුමෙහි ස්ථිර ව පිහිටා සිටින නපුංසකයෝ
5මාගේ මාලිගාවේ ප්‍රාකාරය ඇතුළේ දූදරුවන්ට වඩා උසස් නමක් ලබන්නෝ ය.
එය කිසි කලක නොමැකෙන, සදහට ම පවතින නමක් වන්නේ ය.
6සමිඳුන්ට සේවය කර, එතුමන්ට ප්‍රේම කර, එතුමන්ගේ මෙහෙකරුවන් වන පිණිස එතුමන් සරණ ගිය, සබත් දවස පවත්වා එය නොකෙලසන මාගේ ගිවිසුම ස්ථිර ව පවත්වන විදේශිකයන් ද මාගේ ශුද්ධ කන්දට පමුණුවා, මාගේ යාච්ඤා ගෘහයෙහි ප්‍රීති කරවන්නෙමි.
7 #
මතෙ 21:13; මාක් 11:17; ලූක් 19:46 ඔවුන්ගේ දවන යාග පූජා හා පුද පූජා මාගේ පූජාසනය පිට පිළිගනු ලබන්නේ ය.
මන්ද, ‘මාගේ දේව මාලිගාව සියලු ජාතීන් හට යාච්ඤා ගෘහය’ය යි කියනු ලබන්නේ ය.
8පිට කරනු ලැබූ ඉශ්රායෙල්වරුන් එකතු කරන මහෝත්තම දෙවි සමිඳාණෝ, ‘ඔවුන් වෙත එකතු වී සිටින්නන් හැර මම තවත් අය ඔවුන් වෙත එකතු කරන්නෙමි’යි වදාරන සේක.”
ඉශ්රායෙල්වරුන්ගේ මූලිකයන්ගේ විනාශය
9වනයේ සියලු සත්ත්වයෙනි, කැළෑවේ සියලු සත්ත්වයෙනි, එන්න;
ඔබේ ගොදුරු කාදමන්න.
10සෙනඟගේ මුරකාරයන් සියල්ලෝ ම අන්ධ ය.
කිසිවක් දන්නේ නැති ඔව්හු බුරන්න බැරි ගොළු බල්ලන් වැනි ය.
බල්ලන් මෙන් ලැග හිඳිමින් හීන දකිති.
නිදාගන්න ඉතා කැමැති ය.
11ඔව්හු කිසිසේත් තෘප්තියට නොපැමිණෙන කෑදර බල්ලන් වැනි ය.
ඔව්හු තේරුම්පැහැදුම් කිසිත් නැති එඬේරු වෙති.
ඔව්හු එකිනෙකා තම තමාගේ වාසිය තකා හිතුමනාපයට ක්‍රියා කරති.
12ඔව්හු කතා කොට, “එන්න, අපි මිදියුස ලබාගෙන, සුරාපානය උගුරට ම එන තෙක් බී තෘප්තියට පැමිණෙමු.
හෙට දවස අදටත් වඩා හොඳ දවසක් වනු ඇතැ”යි කියති.
Currently Selected:
යෙසායා 56: NRSV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society

: