යෙසායා 49:13-16
යෙසායා 49:13-16 NRSV
සගලෝ ගී ගයා වා! පොළොව ප්‍රීති වේ වා! කඳු ප්‍රීතියෙන් පිනා යේ වා! මන්ද, සමිඳාණෝ සිය සෙනඟ සනසන සේක; දුක් විඳින සෙනඟට අනුකම්පා කරන සේක. එහෙත්, ජෙරුසලම් වැසියෝ, “සමිඳාණෝ අප අත්හළ සේක; අප මතක නැති කළ සේකැ”යි කී හ. සමිඳාණෝ පිළිතුරු දෙමින් මෙසේ වදාළ සේක: “මවකට හැකි ද, කුසේ දැරූ බිළිඳා අමතක කරන්න? හැකි ද ඈට ඇගේ ම කිරි දරුවාට පෙම් නොකරන්න? මවක ඇගේ දරුවා අමතක කළත්, මම නම්, කිසිදා නුඹ අමතක නොකරමි. එම්බා ජෙරුසලම, නුඹේ නම මාගේ අත්වල අල්ලෙහි කොටා ගෙන ඇත. නුඹේ පවුරු මා ඉදිරියෙහි නිතර ම ඇත.





