YouVersion Logo
Search Icon

යෙසායා 48:1-3

යෙසායා 48:1-3 NRSV

ජුදා වංශයෙන් පැවත එන, ඉශ්රායෙල් යන නම දරන ජාකොබ් පුත්‍රයෙනි, මෙයට සවන් දෙන්න. නුඹලා සමිඳුන්ගේ නාමයෙන් දිවුරන නමුත්, එසේ කරන්නේ අවංක සිතින් වත්, දැහැමිකමින් වත් නොවේ. එසේ වුවත්, නුඹලා ශුද්ධ නුවරට අයිති යයි ද ‘සව් බලැති සමිඳාණෝ’ යන නම දරන ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳුන් සරණ ගෙන ඇතැ යි ද කියමින් පාරට්ටු කරගන්නහු ය. සමිඳාණෝ ඉශ්රායෙල්වරුන්ට මෙසේ වදාරන සේක: “අතීතයේ සිට සිදු වූ සෑම දෙයක් ම මා මුවින් නුඹලාට ප්‍රකාශ කෙළෙමි. මා ක්‍රියා කළ විගස ම ඒවා සිදු විය.