YouVersion Logo
Search Icon

යෙසායා 46:8-13

යෙසායා 46:8-13 NRSV

ද්‍රෝහි ජනයෙනි, මේ දේ සිහි කොට මා කර ඇති දේ සිතට ගන්න. පුරාණයේ සිදු වූ දේ සිහි කරගෙන මා පමණක් දෙවිඳාණන් බව, මා හා සමාන අන් කිසිවෙකු නැති බව පිළිගන්න. අවසානය තෙක් කුමක් වන්නේ දැ යි පටන්ගැන්මේ සිට ම මම කීවෙමි. සිදු වන්න යන දේ පුරාණයේ සිට ම මම ප්‍රකාශ කෙළෙමි. මා අදහස් කළ දේ නොවරදින බවත්, මා ඉටාගත් හැම දේ ඉටු කරන බවත් මම කීවෙමි. මම නැගෙනහිරෙන් මිනිසෙකු කැඳවන්නෙමි. ඔහු ගිජු උකුස්සෙකු සේ කඩා වැදී මා අදහස් කළ දේ ඉටු කරන්නේ ය. මා කියා ඇති දේ මා යෝජනා කළ දේ එසේ ම සිදු වන්නේ ය. ගැළවීමෙන් ඉතා ඈත් ව සිටින දැඩි සිත් ඇත්තෙනි, මට සවන් දෙන්න. ගැළවීමේ දවස මම ළඟා කරන්නෙමි. එය වැඩිදුර නොවේ; මාගේ ජය ප්‍රමාද නොවේ. මම ජෙරුසලමට ගැළවීම ගෙන දී මාගේ ගෞරවය ඉශ්රායෙල්වරුන්ට පවරන්නෙමි.”