යෙසායා 42
42
සමිඳාණන් වහන්සේගේ සේවකයා
1 #
මතෙ 3:17; 17:5; මාක් 1:11; ලූක් 3:22; 9:35 #
මතෙ 12:18-21
“මා සහාය දෙන මාගේ සේවකයා මෙන්න.
මට ප්‍රිය වූ මාගේ තෝරාගත් තැනැත්තා මෙන්න.
මාගේ ආත්මානුභාවය මා එතුමාට ප්‍රදානය කර ඇත.
සියලු ජාතීන්ට එතුමා යුක්තිය ගෙන දෙනු ඇත.
2එතුමා උස් හඬින් කතා කරන්නේ වත්, මොරගසන්නේ වත් නැත;
වීථිවල ඇසෙන පරිදි හඬ නඟන්නේ නැත;
3තැළුණු බට දණ්ඩක් කඩාදමන්නේ නැත;
නිවී ගෙන යන පහන් තිරයක් නිවාදමන්නේ නැත.
4සැබැවින් ම යුක්තිය ඉටු කරන්නේ ය;
එතුමා කලකිරෙන්නේ වත්, අධෛර්ය වන්නේ වත් නැත;
මිහි පිට යුක්තිය පිහිටුවන තුරු එතුමාගේ දහම් මඟ උදාවන තුරු දිවයින් බලා සිටිනු ඇත.”
5 #
ක්‍රියා 17:24-25
අහස් තලය මවා, එය පිහිටෙ වූ ද පොළෝ තලයත් එහි හටගන්න සියල්ලත් නිර්මාණය කළා වූ ද එහි වැසියන් හට පණ නළ දුන්නා වූ ද එහි යන එන සතුන්ට ජීවය දුන්නා වූ ද දෙවි සමිඳාණෝ මෙසේ වදාරන සේක:
6 #
යෙසා 49:6; ලූක් 2:32; ක්‍රියා 13:47; 26:23 “යුක්තිය පිහිටුවන පිණිස සමිඳාණන් වන මම නුඹ කැඳවාගතිමි.
මම නුඹ අතින් ගෙන නුඹ හැඩගැසීමි.
සෙනඟ හා මා අතර ගිවිසුමක් වන පිණිසත්, සියලු ජාතීන් අතර ආලෝකයක් වන පිණිසත් මම නුඹ පත් කෙළෙමි.
7මා එසේ කෙළේ, නුඹ අන්ධයන්ගේ ඇස් පහදන පිණිසත්, සිරගෙයි සිරකරුවන් ද දඟගෙයි අඳුරෙහි වසන්නන් ද මුදන පිණිසත් ය.
8මම සමිඳාණෝ ය;
එය යි මාගේ නාමය.
මාගේ තෙද මහිමය අන් දෙවි කෙනෙකුට වත්, මාගේ ප්‍රශංසාව කිසි පිළිමයකට වත් මම නොදෙමි.
9බලන්න, පෙර මා කී දේ දැන් සිදු වී ඇත;
මතු සිදුවන අලුත් දේ සිදුවන්නත් පෙර මම ඔබට ප්‍රකාශ කරමි.”
ප්‍රශංසා ගීයක්
10සමිඳුන් හට නව ගීයක් ගයන්න.
මුළු ලොව පුරා පැසසුම් පතුරුවා හරින්න.
මුහුදේ යාත්‍රා කරන, එහි ජීවත් ව සිටින, ද්වීප හා මුහුදුබඩ වැසියෙනි, සමිඳුන් හට පැසසුම් කරන්න.
11කාන්තාරය හා එහි නගර ද කේදාර්හි සිටින සෙනඟ ද සේලා නගර වැසි සියල්ලෝ ද කඳු මුදුන්වල සිට ප්‍රීති ඝෝෂා නඟත් වා!
12ද්වීප හා මුහුදුබඩ වැසියෙනි, සමිඳුන් හට පැසසුමත්, එතුමන් හට මහිමයත් පිරිනමත් වා!
13සමිඳාණෝ බලවතෙකු සේ නික්ම එන සේක;
එතුමාණෝ, රණ වීරයෙකු සේ දිරිගන්වන සේක.
රණ හඬ පතුරා, සිහ නද නඟා, සතුරන් අබිබවා සිය බලය පෙන්වන සේක.
සෙනඟට පිහිට දීමට පොරොන්දුව
14සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක:
“මම බොහෝ කල් නිශ්ශබ්ද ව මාගේ සෙනඟට පිළිතුරු නොදී සිටියෙමි.
ප්‍රසව වේදනා ඇති ස්ත්‍රියක මෙන් හතිදමමින්, සුසුම්ලමින් දැන් මහා හඬින් කෑගසමි.
15මම කඳු හා හෙල් පාළු කර, එහි සියලු පලා ජාති වේළී යන්න සලස්වන්නෙමි.
ගංගා වැලිකතර කරන්නෙමි.
සියලු පොකුණු හිඳී යන්න සලස්වන්නෙමි.
16අන්ධයන් ඔවුන් නොදත් මාර්ගයකින් ගෙන යන්නෙමි:
ඔවුන් නොදත් මාර්ගවලින් යන්න මම සලස්වන්නෙමි.
ඔවුන් ඉදිරියේ අන්ධකාරය ආලෝකයට හරවා, ඇද තැන් ඇද හරින්නෙමි.
මම මේ දේවල් නොවරදවා ම කරන්නෙමි.
මම ඔවුන් අත් නොහරින්නෙමි.
17රූප කෙරෙහි විශ්වාසය තබන, පිළිම දෙවිවරුන් මෙන් සලකන සියලු දෙනා නින්දාවටත්, අධික ලජ්ජාවටත් පත් වන්නෝ ය.”
සේවක ඉශ්රායෙල්වරුන්ගේ අඩු ලුහුඬුකම්
18සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක:
“බිහිරෙනි, අසන්න;
අන්ධයෙනි, හොඳින් බලන්න.
19මාගේ සේවකයාට වඩා බිහිරි වූ වෙන කිසිවෙක් සිටිත් ද?
මට කැප වූ, සමිඳුන්ගේ මෙහෙකරුවා තරම් අන්ධ කිසිවෙක් ඇද් ද?
20ඉශ්රායෙල්වරුනි, නුඹලා බොහෝ දේ දැක ඇතත් තේරුම් ගෙන නැත.
නුඹලාගේ කන් ඇරී ඇතත් නුඹලා සවන් දී නැත.”
21සමිඳාණන් සාධාරණ බැවින් එතුමන්ගේ අණපණත් උසස් කොට ගෞරවයට පත් කිරීමට එතුමාණෝ ප්‍රසන්න වූ සේක.
22එහෙත්, එතුමන්ගේ සෙනඟ කොල්ලකෑමට ගොදුරු වූ හ.
ඔවුන් ඇඳිරි ගෙවල්හි වසනු ලැබ, හිරගෙවල්හි සඟවා තබනු ඇත.
ඔව්හු ගළවන්න කිසිවෙකු නැති ව කොල්ලකෑමට ගොදුරු වී සිටිති.
ඔව්හු නිදහස් කරන්න කිසිවෙකු නැති ව සොරා කෑමට ගොදුරු වී සිටිති.
23මේ දේ අසා, මින්මතු ඊට මැනවින් සවන් දෙන කිසිවෙක් නුඹලා අතරේ සිටිත් ද?
24කොල්ලකාරයන් අතට ඉශ්රායෙල්වරුන් භාර දුන්නේ කවරෙක් ද?
සමිඳාණෝ නොවන සේක් ද?
අප පව් කෙළේ එතුමන්ට විරුද්ධ ව ය.
එතුමන්ගේ මාර්ගයෙහි අපි ගමන් නොකෙළෙමු.
එතුමන්ගේ අණපණත්වලට අපි කීකරු නොවීමු.
25ඒ නිසා එතුමාණෝ සිය කෝපාග්නිය අපට දැනෙන්නත්, යුද්ධයේ දරුණුකම විඳින්නත් සැලැසූ සේක.
ගින්නක් මෙන් එතුමන්ගේ උදහස ඉශ්රායෙල් පුරා ඇවිළී ගියේ ය.
එහෙත්, ඉශ්රායෙල් එයින් කිසිවක් තේරුම් නොගත්තේ ය.
දැවුණු නමුත් එය සිතට නොගත්තේ ය.
Currently Selected:
යෙසායා 42: NRSV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society

: