උත්පත්ති 49:5-7
උත්පත්ති 49:5-7 NRSV
සිමියොන් සහ ලෙවී සොහොයුරෝ ය. මැරවරකම් කරනු වස් ඔව්හු අවි අතට ගත්හ. එම්බා, මා අධ්‍යාත්මය, ඔබ ඔවුන්ගේ කුමන්ත්‍රණවලට නොබැඳේ වා! එම්බා, මාගේ කීර්ති නාමය, ඔවුන්ගේ සමාගම්වලට එකතු නො වේ වා! ඒ මන්ද, ඔව්හූ කිපී මිනිසුන් මැරූ හ. හිතුමතේ ගොනුන්ගේ සතර ගාතය සිඳදැමූ හ. ඔවුන්ගේ කෝපයට සාප වේ වා! මන්ද, එය දරුණු ය; කුරිරු ය. ජාකොබ්ගේ දේශය තුළ මම ඔවුන් වෙන් කරලමි. ඉශ්රායෙල් ජනතාව අතර ඔවුන් විසුරුවා හරිමි.





