YouVersion Logo
Search Icon

උත්පත්ති 32:3-8

උත්පත්ති 32:3-8 NRSV

තවද, ඔහු ඒදොම් දේශයේ සේයිර් රටේ තම සොහොයුරු වන ඒසව් වෙත තමාට පෙරටුවෙන් දූතයන් යැවී ය. ඔහු ඔවුන්ට අණ කරමින්, “නුඹලා මාගේ ස්වාමීන් වන ඒසව්ට කතා කොට, ‘ඔබේ දාසයා වන ජාකොබ් මෙසේ කියන්නේ ය: මම ලාබන් සමඟ නැවතී, මෙතෙක් එහි සිටියෙමි. තවද, ගවයන් ද කොටළුවන් ද එළු බැටළු පට්ටි ද දැසිදසුන් ද මට ඇත. ඔබ ඉදිරියෙහි ප්‍රසාදය ලබන පිණිස මම මාගේ ස්වාමීන් හට දැන්වීමට මෙම පණිවුඩය එවමි’යි සැළ කළ යුතු යැ”යි කීවේ ය. දූතයෝ ජාකොබ් වෙත ආපසු විත්, “අපි ඔබ සොහොයුරු වන ඒසව් වෙත ගියෙමු, ඔහු ද ඔබ හමු වීමට එන්නේ ය. ඇරත් ඔහු සමඟ හාරසියයක පිරිසක් සිටිති”යි කී හ. ජාකොබ් අතිශයින් බියවී කැළඹිණි. ඔහු තමා කැටුව සිටි පිරිස ද එළු බැටළු පට්ටි ද ගව පට්ටි ද ඔටුවන් ද කණ්ඩායම් දෙකකට බෙදා, “ඒසව් යම් විටක එක කණ්ඩායමක් වෙත පැමිණ, ඊට පහර දුන්නොත්, ඉතිරි අනික් කණ්ඩායමට ගැළවී යත හැකි ය”යි සිතී ය.