YouVersion Logo
Search Icon

උත්පත්ති 26:17-25

උත්පත්ති 26:17-25 NRSV

ඊසාක් ද එතැනින් නික්ම, ගෙරාර්හි මිටියාවතෙහි තම කඳවුර පිහිටුවා, එහි පදිංචි විය. ආබ්‍රහම්ගේ මරණින් පසු, පිලිස්තිවරුන් ළිං සියල්ල වසාදමා තැබු හෙයින්, ඔහුගේ පියාගේ කාලයෙහි කණින ලද වතුර ළිං ඊසාක් නැවත කැණී ය. තවද, තම පියා දුන් නම්වලින් ම ඔහු ඒ ළිං හැඳින් වී ය. ඊසාක්ගේ මෙහෙකරුවන් මිටියාවතේ ළිං කණින විට ඔවුන්ට එහි දිය උල්පත් සහිත ළිඳක් සම්බ විය. එහෙත් ගෙරාර්හි ගොපල්ලෝ, “මේ වතුර අපගේ ය” කියමින් ඊසාක්ගේ ගොපලුන් සමඟ කලහ කළහ. ඔවුන් ඔහු සමඟ මෙලෙස කලහ කළ බැවින් ඒ ළිඳට ‘ඒසෙක්’ යන නම ඔහු දුනි. ඔවුන් තවත් ළිඳක් කැණූ විට ගෙරාර්හි ගොපල්ලෝ ඒ ගැන ද කලහ කළහ. එබැවින් ඊට ‘සිත්නා’යි නම දුනි. ඊසාක් ඉන්පසු එතැනින් නික්ම ගොස්, තවත් ළිඳක් කැණී ය. එහෙත් ඒ ගැන ඔවුන් කලහ නොකළ බැවින් එය ‘රෙහොබොත්’ යන නමින් හැඳින්විය. ළිඳ මෙසේ හඳුන්වා, “දැන් ඉතින් සමිඳාණන් වහන්සේ අපට මේ රටෙහි ඉඩ කඩ දුන් සේක. අපි මේ රටෙහි සමෘද්ධ වන්නෙමු”යි කී ය. පසුව ඔහු එතැනින් පිටත් ව, බෙයර්-ෂෙබාවට ගියේය. එම රාත්‍රියහි ම සමිඳාණන් වහන්සේ ඔහුට දර්ශනය වී මෙසේ වදාළ සේක; “නුඹ පිය ආබ්‍රහම්ගේ දෙවිඳාණෝ මම ය. බිය නොවන්න. නුඹ සමඟ ද මම සිටිමි; නුඹට ආසිරි දෙමි. මාගේ දාසයා වන ආබ්‍රහම් නිසා, නුඹේ පෙළපත මම වැඩි වර්ධනය කරමි.” ඊසාක් ද එහි පූජාසනයක් ඉදි කොට, සමිඳාණන් වහන්සේගේ නාමය කියා යච්ඤා කෙළේ ය. තවද, එහි ඔහු තම කඳවුර පිහිටුවිය. එම ස්ථානයෙහි ද ඊසාක්ගේ මෙහෙකරුවෝ ළිඳක් කැණූ හ.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 26:17-25