YouVersion Logo
Search Icon

උත්පත්ති 15:1-4

උත්පත්ති 15:1-4 NRSV

කලකට පසු සමිඳාණන් වහන්සේ ආබ්‍රම්ට දර්ශනය වී, පණිවුඩයක් දෙමින්, “ආබ්‍රම්, බිය නොවන්න; නුඹ රක්නා පලිහ මම ය; නුඹේ වාසනාව අතිවිසල් ය”යි වදාළ සේක. එහෙත්, ආබ්‍රම් උත්තර දෙමින්, “මහෝත්තම දෙවි ස්වාමීනි, දරුවෙකු නැති මට, ඔබ වෙන කුමක් දුන්නත් කුමන පලක් ද? මාගේ උරුමකරු දමස්කස්හි එලියේසර් වන මොහු ය. ඔබ මට දරුසම්පත් දී නැත. එබැවින් මාගේ ගෙදර උපන් වහලෙක් මාගේ උරුමකරු වන්නේ ය”යි කී ය. එවිට සමිඳාණන් වහන්සේ නැවතත් ඔහු අමතමින්, “මෙවැන්නෙක් නුඹේ උරුමකරු නොවන්නේ ය. නුඹට දාව උපන් නුඹේ ම දරුවෙක් නුඹේ උරුමකරු වන්නේ ය”යි වදාළ සේක.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 15:1-4