YouVersion Logo
Search Icon

ගලාති 3:21-29

ගලාති 3:21-29 NRSV

එසේ නම් ව්‍යවස්ථාව දෙවියන් වහන්සේගේ පොරොන්දුවලට විරුද්ධ ද? කොහෙත් ම නැත, මන්ද, ජීවනය දිය හැකි ව්‍යවස්ථාවක් දෙන ලද්දේ නම්, ඒ මඟින් දමිටු බවට පත් කරනු ලැබීමට පුළුවන්කම තිබිණි. එහෙත් මුළු ලොව ම පාපයෙහි සිරගත වී ඇතැ යි ශුද්ධ ලියවිල්ලෙහි කියා ඇති බැවින්, අදහන අයට පමණක් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළින් ඇදහිල්ල කරණකොටගෙන පොරොන්දුව ලබාගත හැකි ය. පැමිණෙන්ට තිබුණු ඇදහීම එළිදරව් වන තෙක්, ඒ ඇදහීම පැමිණෙන්ට පෙර, අපි හිර අඩස්සි වී ව්‍යවස්ථාව යටතේ රැකවල් කරනු ලැබුවෙමු. මෙසේ ව්‍යවස්ථාව වනාහි අප ඇදහිල්ල කරණකොටගෙන දමිටු බවට පත් කරනු ලබන පිණිස, අප ක්‍රිස්තුන් වහන්සේ ළඟට පමුණුවන අපේ අනුශාසකයෙකු වැනි ය. එහෙත් දැන් ඇදහිල්ල පැමිණ තිබෙන බැවින්, අපි තවත් අනුශාසකයෙකු යටතේ නොවෙමු. ඔබ සියල්ලෝ ම ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ඇදහිල්ල කරණකොටගෙන දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය. ඔබ අතරෙන් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයට බව්තීස්ම-ස්නාපනය කරනු ලැබූ සියල්ලෝ ක්‍රිස්තුන් වහන්සේගේ ජීවිතයෙන් සැරසී සිටිති. ඔබ සියල්ලන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ එක් කෙනෙකු මෙන් සිටින නිසා, ජුදෙව්-ග්‍රීක භේදය වත්, දාස-නිර්දාස භේදය වත්, ස්ත්‍රී-පුරුෂ භේදය වත් නැත. ඔබ ක්‍රිස්තුන් වහන්සේට අයිති නම්, ඔබ ආබ්‍රහම්ගේ වංශයට අයිති ව, පොරොන්දුව ලෙස උරුමක්කාරයෝ ද වන්නහු ය.

Free Reading Plans and Devotionals related to ගලාති 3:21-29