එස්රා 5:1-2
එස්රා 5:1-2 NRSV
එකල හග්ගයි සහ ඉද්දෝගේ පුත් ශෙකරියා යන දිවැසිවරු ජුදාහි ද ජෙරුසලමෙහි ද සිටි ජුදෙව්වරුන්ට, ඔවුන් සමඟ වැඩ විසූ ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගේ නාමයෙන් දිවැස් වැකි පැවසූ හ. එවිට ෂෙයල්තියෙල්ගේ පුත් සෙරුබ්බාබෙල් ද ජෝශාදාක්ගේ පුත් ජෝෂුවා ද ජෙරුසලමෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන්නට පටන්ගත්හ; ඔවුන් සමඟ දෙවියන් වහන්සේගේ දිවැසිවරු ද ඔවුන්ට උපකාර කරමින් සිටියෝ ය.

