එසකියෙල්ගේ 35:7-9
එසකියෙල්ගේ 35:7-9 NRSV
මම සේයිර් කන්ද පාළුවක් ද නාස්තියක් ද කොට, එහි යන එන කෙනෙකු නැති ව තිබෙන්න සලස්වන්නෙමි. මැරුම් කන අයගේ මළකඳන්වලින් නුඹේ කඳු පුරවන්නෙමි. නුඹේ හෙල්වල ද නුඹේ මිටියාවත්වල ද නුඹේ සියලු දෙණිවල ද කඩුවෙන් මැරුම් කන අය වැටෙනු ඇත. මම නුඹ සදහට ම පාළුවක් කරන්නෙමි. නුඹේ නගරවල ද වැසියෝ නොසිටින්නෝ ය. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගනු ඇත.


