එසකියෙල්ගේ 3:1-3
එසකියෙල්ගේ 3:1-3 NRSV
උන් වහන්සේ කතා කරමින්, “මනුෂ්‍ය පුත්‍රය, නුඹට දෙන ලද දේ අනුභව කරන්න. මේ පොත අනුභව කර ගොස් ඉශ්රායෙල් වංශයට කතා කරන්නැ”යි වදාළ සේක. එවිට මම මාගේ කට ඇරියෙමි; උන් වහන්සේ ද ඒ පොත අනුභව කරන්න මට දුන් සේක. තවද, උන් වහන්සේ කතා කරමින්, “මනුෂ්‍ය පුත්‍රය, මා නුඹට දෙන මේ පොත අනුභව කර නුඹේ කුස පුරවා ගන්නැ”යි මට වදාළ සේක. මම එය අනුභව කෙළෙමි; එය මාගේ කටට මී පැණි මෙන් මිහිරි ව තිබිණි.




