නික්මයාම 9:1-3
නික්මයාම 9:1-3 NRSV
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “පාරාවෝ වෙත ගොස් ඔහු අමතා, ‘හෙබ්‍රෙව්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මේ ය’යි කියන්න, ‘මා හට නමස්කාර කරන පිණිස යන්නට මාගේ සෙනඟට අවසර දෙන්න. ඔබ ඔවුන්ට යන්න අවසර නො දී, තවදුරටත් ඔවුන් වැළැකුවහොත් මෙන්න, කෙතෙහි සිටින ඔබේ ගවසම්පත් වන, අසුන්ට හා කොටළුවන්ට ද, ඔටුවන්ට හා ගොනුන්ට ද, බැටළුවන්ට ද, සමිඳාණන් වහන්සේගේ හස්තය ඉතා බිහිසුණු වසංගතයකින් පහර දෙන්නේ ය.





