නික්මයාම 10:21-23
නික්මයාම 10:21-23 NRSV
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “අහස දෙසට අත දිගු කරන්න. එවිට අන්ධකාරයක් - අතගා බලන්න හැකි තරම් ඝනාන්ධකාරයක්, මිසර දේශය වසාගන්නේ ය”යි වදාළ සේක. මෝසෙස් ද අහස දෙසට තම අත දිගු කළ විට තුන් දිනක් පුරා මුළු මිසර දේශයෙහි ඝනාන්ධකාරයක් ඇති විය. එවිට තුන් දිනක් පුරා ඔවුන්ට එකිනෙකා නොපෙනී ගොස් ඔව්හු සිටි තැන ම නොසෙල්වී සිටියහ. එහෙත්, මුළු ඉශ්රායෙල් ජනතාවට තමන් විසූ තැන්වල ආලෝකය ඇති විය.





