YouVersion Logo
Search Icon

එස්තර් 9:1-2

එස්තර් 9:1-2 NRSV

රජුගේ ආඥාවේ නියෝගය ක්‍රියාත්මක වන දිනය වන අදාර් නම් දොළොස් වන මාසයේ දහතුන් වන දිනය පැමිණියේ ය. ජුදෙව්වරුන්ගේ සතුරන් ඔවුන් සිය බලයට යටත් කරගැනීමට බලාපොරොත්තු වූ දිනය එය වූ නමුත්, එය ජුදෙව්වරුන් විසින් සිය සතුරන් යටත් කරගැනීමේ දිනයකට හරවාගන්නා ලදී. තමන්ට අනතුරු කරන්නට උපා යෙදූ අයට පහර දෙන පිණිස අහෂ්වේරොෂ් රජුගේ සියලු රටවල ජුදෙව්වරු තම තමන්ගේ නගරවල රැස් වූ හ. සියලු ජනයා ඔවුන් කෙරෙහි බියපත් ව සිටි බැවින් ඔවුන්ට විරුද්ධ ව සිටින්නට කිසිවෙකුට නුපුළුවන් විය.