YouVersion Logo
Search Icon

එස්තර් 1:19-22

එස්තර් 1:19-22 NRSV

රජතුමෙනි, ඔබ සතුටු නම්, වස්තී තවත් අහෂ්වේරොෂ් රජු ඉදිරියට නොඑන ලෙස රජ්ජුරුවන්ගෙන් රාජ ආඥාවක් පතළ කළ මැනව. එය වෙනස් නොවන පිණිස පර්සිවරුන්ගේ ද මේදවරුන්ගේ ද නීති ග්‍රන්ථවල ලියා තබන්නට සැලැසුව මැනව. ඇගේ අගබිසෝකම ද ඈට වඩා සුදුසු තැනැත්තියකට රජ්ජුරුවන් විසින් දෙනු ලැබේ වා! විශාල වූ ස්වකීය රාජ්‍යය මුළුල්ලෙහි රජතුමා පණවන නියෝගය ඇසූ කල්හි සියලු ම භාර්යාවන් තම තමන්ගේ පුරුෂයෝ උසස් හෝ පහත් හෝ වෙත්වා, ඔවුන්ට ගෞරව දෙනු ඇතැ”යි කීවේ ය. ඒ කීමට රජ ද අධිපතීහු ද ප්‍රසන්න වූ හ. රජතුමා මෙමුකාන්ගේ කීම ලෙස කරමින්, හැම පුරුෂයෙකු ම තමාගේ ගෙදර ප්‍රධානියා විය යුතු ය කියා තමාගේ සෙනඟගේ භාෂාවෙන් ද එක එක රටේ අකුරුවලින් ද ඒ ඒ සෙනඟගේ භාෂාවෙන් ද ප්‍රකාශ කරන හැටියට ලියුම් ලියා යැවී ය.

Related Videos

Free Reading Plans and Devotionals related to එස්තර් 1:19-22