ධර්මදේශකයා 7
7
ජීවිතය පිළිබඳ ගැඹුරු අදහස්
1 #
හිතෝ 22:1
හොඳ නාමය සුවඳ විලවුන්වලට වඩා මිහිරි ය. උපත ලබන දවසට වඩා මියයන දවස හොඳ ය.
2අවමඟුල් ගෙදරකට යාම මඟුල් ගෙදරකට යාමට වඩා හොඳ ය. මන්ද, මරණය හැම මිනිසාගේ ඉරණම වේ. ජීවත් ව සිටින කවුරුනුත් එය සිතට ගත යුතු ය.
3සිනාවට වඩා ශෝකය හොඳ ය. මන්ද, එයින් මුහුණ මැලවී ගියත් නුවණ තියුණු වෙයි.
4පැණවතාගේ සිත යොමු වන්නේ මරණය දෙසට ය; අඥානයන්ගේ සිත යොමුවන්නේ විනෝදය දෙසට ය.
5අඥානයන්ගේ පැසසුමට සවන් දීමට වඩා ප්‍රඥාවන්තයාගේ තරවටුවට සවන් දීම හොඳ ය.
6මන්ද, සැළිය යට උදුනෙහි දරකෝටු පුපුරන ශබ්දය යම්සේ ද අඥානයාගේ සිනාවත් එසේ ම ය. එහි කිසි ම තේරුමක් නැත.
7බලහත්කාරකම් කිරීමෙන් නුවණැත්තා අනුවණයෙක් වෙයි. අල්ලස් ගැනීමෙන් චරිතය දූෂණය වෙයි.
8යම් දෙයක අවසානය එහි ආරම්භයට වඩා හොඳ ය. අහංකාරයට වඩා ඉවසීම උතුම් ය.
9 #
ජාකො 1:19
කෝප වීමට ඉක්මන් නොවන්න. මන්ද, කෝපය සිතේ තබාගැනීම අනුවණකමකි.
10“අතීතය වර්තමානයට වඩා හොඳ ව තිබුණේ මන්දැ”යි ප්‍රශ්න නොකරන්න. එය බුද්ධිමත් ප්‍රශ්නයක් නොවේ.
11ජීවත් ව සිටින කවරෙකු වුව ද ප්‍රඥාවන්ත විය යුතු ය. 12ධනසම්පතින් ඇති වන ආරක්ෂාව හා සම ආරක්ෂාවක් ප්‍රඥාවෙන් ලැබෙනු ඇත. ප්‍රඥාව ඔබේ ජීවිතය සුරක්ෂිත ව තබයි. දැනුමෙන් ඇති වන වාසිය එය වේ.
13දෙවියන් වහන්සේගේ ක්‍රියාවලිය මෙනෙහි කරන්න; උන් වහන්සේ ඇද කළ දේ ඇද අරින්න පුළුවන් කාට ද?
14සැප සම්පත් ඇති කල ප්‍රීති වන්න; විපත ඇති කල මෙය කල්පනාවට ගන්න; සැපත හා විපත යන දෙක ම එවන්නේ දෙවියන් වහන්සේ ය. ඉන්පසු කුමක් වේ දැ යි කිසිවෙක් නොදනිති.
15නිස්සාර ව ගෙවී ගිය මාගේ ජීවිතයේ දී මම හැම දෙය ම දැනගතිමි. සමහර විට දැහැමි කෙනෙක් මරණයට පත් වේ. දුෂ්ටයෙක් නපුරුකම් කළත්, දිගුකල් ජීවත් වේ. 16පමණට වඩා ධර්මිෂ්ඨයෙක් නොවන්න. පමණට වඩා ඥානවන්තයෙක් නොවන්න. එසේ වීමෙන් ඔබ නැසී යන්නේ කුමට ද? 17අධික ලෙස දුෂ්ට ව නො සිටින්න. අධික ලෙස අඥානයෙක් ද නොවන්න. අකාලයේ දී නැසී යන්නේ කුමට ද? 18මෙහි දී මැද පිළිවෙත අනුගමනය කරන්න. කෙසේ වෙතත්, දේව ගරුබිය ඇති තැනැත්තේ සඵලවනු ඇත.
19ප්‍රඥාව වූ කලී, අධිපතීන් දසදෙනෙකු නගරයකට කරන සේවයට වඩා උසස් සේවයක් කිරීමට මිනිසෙකුට ඇති ශක්තියකි.
20කිසි ම වරදක් නොකොට, නිරතුරු යහපත ම කරන දැහැමි මිනිසෙක් ලොව කිසි තැනක නැත.
21මිනිසුන් කරන හැම දෙයට ම ඔබේ සිත යොමු නොකරන්න. එසේ කළොත් සමහර විට ඔබේ වැඩකරුවා ඔබට දොස් තබන බව ඔබ අසනු ඇත. 22මන්ද, ඔබත් නොයෙක් වර අනුන්ට එසේ ම දොස් තැබූ බව ඔබේ සිත දැනගනු ඇත.
23මේ සියල්ල මම ප්‍රඥාවෙන් සෝදිසි කර බැලීමි. “මම ප්‍රඥාවන්ත වන්නෙමි”යි කීමි; එහෙත්, එය මා ඉක්මවා තිබුණේ ය. 24ජීවිතයේ තේරුම දත හැකි කාට ද? එය අපට තේරුම්ගත නොහැකි තරම් ගැඹුරු ය; අචින්ත්‍යය ද වේ. 25මම ප්‍රඥාව ද කාරණාවලට හේතුව ද දැනගැනීමටත්, සෙවීමටත් ගවේෂණය කිරීමටත් සිත යොමු කෙළෙමි. එවිට නපුරුකම අඥානකම බව ද මෝහය උතුම්කම බව ද සනිටුහන් කර ගතිමි.
26ස්ත්‍රිය මරණයටත් වඩා භයංකර ය. ඈ මලපතක් වැන්න; ඇගේ සිත දැලක් වැන්න; ඇගේ අත විලංගුවක් වැන්න. දෙවියන් වහන්සේ ඉදිරියෙහි යහපත් වන තැනැත්තේ ඇගෙන් මිදෙයි; එහෙත්, පවිටු අය ඈට අසුවෙති. 27කරුණු වටහාගැනීම පිණිස එකක් පාසා විමසමින්, “මම මෙය දැනගතිමි”යි ධර්මදේශකයා කියන්නේ ය. 28මට තවමත් සොයාගත නොහැකි වූ, මාගේ බුද්ධිය තවමත් විමසමින් සිටින කාරණයක් ඇත. දහසක් අතර ගරු කටයුතු එක මිනිසෙකු මට සම්බ වූ නමුත්, දහසක් අතර එවැනි ස්ත්‍රියක් නම්, මට සම්බ නොවූවා ය. 29මම එක දෙයක් තේරුම් ගතිමි: එනම්, දෙවියන් වහන්සේ මනුෂ්‍යයා චාම්, අවංක කෙනෙකු ලෙස මැවූ සේක; එහෙත්, ඔහු ම තමා අවුල් වියවුල් කෙනෙකු බවට පත් කරගෙන ඇත.
Currently Selected:
ධර්මදේශකයා 7: NRSV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society

: