YouVersion Logo
Search Icon

දානියෙල් හැඳින්වීම

හැඳින්වීම
විදේශික රජ කෙනෙකුගේ කාලයේ දී, ජුදෙව් සෙනඟ අනේක විධ දුක් ගැහැට හා තාඩන පීඩනවලට භාජනය වී සිටි අවධියක දානියෙල් නම් පොත ලියන ලදී. දෙවියන් වහන්සේ මේ දුෂ්ට රජ යටපත් කොට දේව සෙනඟට ස්වාධීනත්වය හිමි කර දෙනු ඇතැ යි යන බලාපොරො‍ත්තුවෙන් කථාන්තර හා දර්ශන මාර්ගයෙන් මේ පොතේ ලේඛකයා සෙනඟ දිරිගන්වයි.
පොතේ කොටස් දෙකක් ඇත.
1. දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල හා කීකරුකම කරණකොටගෙන සතුරන් පරදා ජයගත් දානියෙල් හා ඔහුගේ සහකාර විප්‍රවාසගත අය පිළිබඳ කථාන්තර.
2. දානියෙල් දුටු දර්ශන. බබිලෝනියෙන් පටන්ගෙන අනුක්‍රමයෙන් නැඟී වැටී යන අධිරාජ්‍යයන් ගැනත්, දුෂ්ට රජුගේ විනාශයත් දේව සෙනඟගේ ජයත් සංකේතාත්මක ව ඒ දර්ශනවලින් දැක්වේ.
මෙහි අඩංගු කරුණු:
පරිච්ඡේද 1-6 දානියෙල් සහ ඔහුගේ මිත්‍රයෝ.
පරිච්ඡේද 7-11 දානියෙල්ගේ දර්ශන.
(අ) පරිච්ඡේද 7 මෘගයන් සතරදෙනා.
(ආ) පරිච්ඡේද 8-9 බැටළුවා සහ එළුවා.
(ඇ) පරිච්ඡේද 10-11 දිව්‍ය පණිවුඩකාරයා.
පරිච්ඡේද 12 අවසාන කාලය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy