ක්‍රියා 21:27-30
ක්‍රියා 21:27-30 NRSV
ඒ දවස් සත සම්පූර්ණ වෙත් ම, ආසියාවෙන් පැමිණි ජුදෙව්වරු දේව මාලිගාවේ දී පාවුලු දැක, මුළු ජනකාය කළඹා, ඔහු අල්ලා ගෙන, “ඉශ්රායෙල් ජනයෙනි, උදව් දෙන්න. අපේ ජනතාවටත්, අපේ ව්‍යවස්ථාවලියටත්, මේ ස්ථානයටත් විරෝධී ව හැම තැන ම, හැම අයට ම උගන්වන මිනිසා මොහු ය. ඒ විතරක් නොවේ, මොහු ග්‍රීකයන් ද දේව මාලිගාවට කැඳවා ගෙන අවුත් මේ ශුද්ධස්ථානය කෙලෙසා ඇතැ”යි මොරගසා කී හ. ඔවුන් මෙසේ කීවේ එපීසයෙකු වූ ත්‍රොපිමස් ඔහු සමඟ නුවර සිටිනු ඔවුන් කලින් දැක තිබුණු නිසා, පාවුලු ඔහු දේව මාලිගාවට කැඳවා ගෙන යන්නට ඇතැ යි සිතූ බැවිනි. එවිට මුළු නුවර කැළඹිණි; ජනකාය එකාවන් ව දිව අවුත්, පාවුලු අල්ලා ගෙන දේව මාලිගාවෙන් පිටතට ඇදදැමූ හ. එකෙණෙහි ම දොරවල් වසා දමන ලදී.



![[Acts Inspiration For Transformation Series] The Unstoppable Force Of The Gospel ක්‍රියා 21:27-30 Sinhala New Revised Version](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F15126%2F1440x810.jpg&w=3840&q=75)

