1 තිමෝති 6:6-9
1 තිමෝති 6:6-9 NRSV
ලද පමණින් සතුටු වීම සහිත දේව භක්තිය මහත් ලාභයකි. අප මෙලොවට පැමිණියේ හිස් අතිනි. හිස් අතින් එය හැර යන්නට ද ඕනෑ ය. කන්නට අඳින්නට ඇත්නම්, අපට සෑහෙයි. ධනවත් වීමට ආශා වන්නෝ පරීක්ෂාවලටත්, උගුල්වලටත්, අසු වන්නෝ ය. නාස්තියටත්, විනාශයටත් පමුණුවන, නොයෙකුත් මෝඩ නිෂ්ඵල තෘෂ්ණාවන්ට ඔව්හු වසඟ වන්නෝ ය.





