1 රාජාවලියේ 8:57-61
1 රාජාවලියේ 8:57-61 NRSV
අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපේ පියවරුන් සමඟ වැඩ සිටි ලෙස ම අප සමඟත් වැඩ සිටින සේක් වා! උන් වහන්සේ අප අත් නොහරින සේක් වා! අප බැහැර නොදමන සේක් වා! එසේ උන් වහන්සේගේ සියලු මාර්ගවල හැසිරෙන්නටත්, උන් වහන්සේ අපේ පියවරුන්ට අණ කළ උන් වහන්සේගේ ආඥා ද පණත් ද විනිශ්චයයන් ද පවත්වන්නටත් උන් වහන්සේ අපේ සිත් තමන් වෙත නමාගන්න සේක් වා! තමන්ගේ මෙහෙකරුවාටත්, තම සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ටත් දවසින් දවස වුවමනා වන ලෙස යුක්තිය ඉෂ්ට කිරීමට සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මා ඔප්පු කළ මේ කන්නලව්වේ වචන දිවා රෑ දෙක්හි අපේ දෙවි සමිඳාණන් වහන්සේ සමීපයෙහි පවතී වා! එවිට සමිඳාණන් වහන්සේ දෙවියන් වහන්සේ බවත්, වෙන දෙවි කෙනෙකු නැති බවත් මිහි පිට සියලු ජාතීහු දැනගන්නෝ ය. එබැවින් උන් වහන්සේගේ පණත්වල හැසිර, උන් වහන්සේගේ ආඥා පවත්වන හැටියට ඔබේ සිත් අද දවසේ මෙන් දෙවි සමිඳාණන් වහන්සේ වෙත මුළුමනින් ම යොමු වී පවතී වා!”





