YouVersion Logo
Search Icon

1 කොරින්ති 2:7-11

1 කොරින්ති 2:7-11 NRSV

අප ප්‍රකාශ කරන්නේ අනාදියේ පටන් දෙවියන් වහන්සේ අපේ ගෞරවය සඳහා කලින් නියම කළ, උන් වහන්සේගේ අබිරහස් ප්‍රඥාව ය. ඒ ප්‍රඥාව මෙලොව අධිපතීන්ගෙන් කිසිවෙක් නොදත්හ. එය ඔවුන් දැන සිටියා නම්, මහිමාන්විත සමිඳාණන් වහන්සේ කුරුසියේ ඇණ ගසන්නේ නැත. ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇති ලෙස: “දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන් හට උන් වහන්සේ සූදානම් කර ඇත්තේ කිසිවෙකු කවදාවත් ඇසින් නුදුටු, කණින් නොඇසූ, සිතින් නොසිතූ දෙයකි.” මේ දේ දෙවියන් වහන්සේ ස්වකීය ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන අපට එළිදරව් කළ සේක. මන්ද, ආත්මයාණන් වහන්සේ දෙවියන් වහන්සේ පිළිබඳ ගාම්භීර දේ ඇතුළු සියල්ල විමසන සේක. මිනිසාගේ ස්වභාවය දන්නේ මිනිසා ම තුළ වන ඔහුගේ ආධ්‍යාත්මය යි. අන් කිසිවෙක් එය නොදනිති. එමෙන් ම දෙවියන් වහන්සේගේ ස්වභාවය දන්නේ උන් වහන්සේගේ ආත්මයාණෝ ය. අන් කිසිවෙක් එය නොදනිති.