YouVersion Logo
Search Icon

ශෙපනියා 3:15-19

ශෙපනියා 3:15-19 SROV

ස්වාමීන්වහන්සේ නුඹේ විනිශ්චයන් පහකළසේක, නුඹේ සතුරන් පිටත හෙළූසේක. ඉශ්‍රායෙල් රජවූ ස්වාමීන්වහන්සේ නුඹ තුළ සිටිනසේක. නුඹ තවත් විපත්තියට භය නොවන්නෙහිය. ඒ කාලයේදී යෙරුසලමට කියනුයේ: භයනොවන්න. සියොන්, නුඹේ අත් හෙළාවැටී නොතිබේවා. නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ තුළ සිටිනසේක, උන්වහන්සේ ගළවන්ට බලවත්වූ තැනන්වහන්සේය. උන්වහන්සේ සන්තෝෂයෙන් නුඹ කෙරෙහි ප්‍රීතිවී, තමන්ගේ ප්‍රේමයෙහි නිශ්චලව සිටිනසේක, ප්‍රීති ඝෝෂාවෙන් නුඹ කෙරෙහි ප්‍රීතිමත්වනසේක. මංගල්‍ය රැස්වීම ගැන ශෝකවන්නන් රැස්කරන්නෙමි, ඔව්හු නුඹට අයිතිව සිටියෝය. එහි නින්දාව ඔවුන්ට බරක් විය. ඒ කාලයේදී නුඹට පීඩාකරන සියල්ලන්ට මම ප්‍රතිඵල දෙන්නෙමි. කොරගසගසා යන්නන් ගළවා, පන්නාදැමූවන් රැස්කොට, ඔවුන් ලජ්ජාව වින්දාවූ සියලුම දේශවල ඔවුන් ප්‍රශංසාවක්ද නාමයක්ද වෙන්ට සලස්වන්නෙමි.

Free Reading Plans and Devotionals related to ශෙපනියා 3:15-19