ප්‍රේම ගී 7:1-4
ප්‍රේම ගී 7:1-4 SROV
අධිපතියාණන්ගේ දුවණියෙනි, වහන් සහිත නුඹේ අඩි තැබීම කොපමණ ලක්ෂණද! නුඹේ කළවා සන්ධි දක්ෂ කම්කරුවෙකුගේ අතින් කළ ආභරණ මෙන්ය. නුඹේ නාභිය මිශ්‍රකළ පානයෙන් පූර්ණවූ වටකුරුවූ පාත්‍රයක් මෙන්ය, නුඹේ උදරය මානෙල්වලින් වටවූ තිරිඟු ගොඩක් මෙන්ය. නුඹේ දෙතන නිඹුල් මුවපැටවුන් දෙදෙනෙකු මෙන්ය. නුඹේ ග්‍රීවය ඇත්දත් කුළුනක් මෙන්ය; නුඹේ ඇස් හෙෂ්බොන්හි බැත්-රබ්බිම් දොරටුව ළඟ තිබෙන පොකුණු මෙන්ය; නුඹේ නාසය දමස්කය දෙස පිහිටි ලෙබනොන් කොත මෙන්ය.

![[Gregg Matte Wisdom of Solomon] Deep Roots in Relationship ප්‍රේම ගී 7:1-4 Sinhala Revised Old Version](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F35057%2F1440x810.jpg&w=3840&q=75)



