ප්‍රේම ගී 4:7-9
ප්‍රේම ගී 4:7-9 SROV
මාගේ සොඳුරිය, නුඹ මුළුමනින්ම රුව ඇත්තීය; කැලලක් නැත්තීය. මාගේ මනමාලිය, ලෙබනොන්හි සිට, එසේය, ලෙබනොන්හි සිට මා සමඟ එන්න. අමානායේ මුදුනෙත් සෙනීර් සහ හෙර්මොන් මුදුනෙත් සිංහයන්ගේ ගුහාවලත් අඳුන්දිවියන්ගේ කඳුවලත් සිට බලන්න. මාගේ සහෝදරිය, මාගේ මනමාලිය, නුඹ මාගේ සිත අල්ලාගත්තෙහිය; නුඹේ එක ඇසකින්, නුඹේ බෙල්ලේ එක මාලාවකින්, මාගේ සිත අල්ලාගත්තෙහිය.





