ප්‍රේම ගී 4:1-9
ප්‍රේම ගී 4:1-9 SROV
බලව, මාගේ සොඳුර, නුඹ රුව ඇත්තීය; එසේය නුඹ රුව ඇත්තීය; නුඹේ මුහුණු වැස්මට ඇතුළෙන් තිබෙන නුඹේ ඇස් පරෙවියන් වැනිය. නුඹේ වරලස ගිලියද් කඳු බෑවුමෙහි ලැග ඉන්න එළු රැළක් මෙන්ය. නුඹේ දත් වනාහි තනිවූ එකෙක්වත් නැතුව, සෑමදෙනම නිඹුලුන් ඇත්තාවූ, ලොම් කපා නාවනු ලැබ නැගීඑන්නාවූ බැටළු රැළකට සමානය. නුඹේ තොල් රතු නූලක් මෙන්ය, නුඹේ මුඛය ශෝභමානය. නුඹේ මුහුණු වැස්මට ඇතුළෙන් තිබෙන නුඹේ කම්මුල් දෙළුම් පළුවක් මෙන්ය. නුඹේ බෙල්ල බලවතුන්ගේ වැසුම් වන පලිස් දහසක් එල්ලා තිබෙන්නාවූ, ආයුධ තැබීමට ගොඩනැගූ දාවිත්ගේ කොත මෙන්ය. නුඹේ දෙතන මහනෙල් අතරේ ගොදුරු කන මුවදෙනකුගේ නිඹුල් පැටවුන් දෙදෙනෙකු මෙන්ය. දවාල සිසිල්වී සෙවණැලි පහව යනතුරු මම ගන්ධරස කන්දටත් තුවරලා හෙලටත් යන්නෙමි. මාගේ සොඳුරිය, නුඹ මුළුමනින්ම රුව ඇත්තීය; කැලලක් නැත්තීය. මාගේ මනමාලිය, ලෙබනොන්හි සිට, එසේය, ලෙබනොන්හි සිට මා සමඟ එන්න. අමානායේ මුදුනෙත් සෙනීර් සහ හෙර්මොන් මුදුනෙත් සිංහයන්ගේ ගුහාවලත් අඳුන්දිවියන්ගේ කඳුවලත් සිට බලන්න. මාගේ සහෝදරිය, මාගේ මනමාලිය, නුඹ මාගේ සිත අල්ලාගත්තෙහිය; නුඹේ එක ඇසකින්, නුඹේ බෙල්ලේ එක මාලාවකින්, මාගේ සිත අල්ලාගත්තෙහිය.





