YouVersion Logo
Search Icon

ප්‍රේම ගී 2

2
1මම ෂාරොන්හි සෙව්වන්දි මලක්ය, මිටියාවත්වල මහනෙල් මලක්ය.
2කටුගස් අතරේ මහනෙල් මලක් යම්සේද, දූවරුන් අතරේ මාගේ සොඳුරත් එසේය.
3වනයේ ගස් අතරේ ජම්බු ගස යම්සේද, පුත්‍රයන් අතරේ මාගේ ප්‍රේමවන්තයාත් එසේය.
මම ඔහුගේ සෙවණෙහි ප්‍රීතියෙන් හිඳගතිමි, ඔහුගේ ඵලද මාගේ කටට මිහිරි විය.
4ඔහු මිදිපැන් ගෙයට මා ගෙනායේය, මට උඩින් ඔහුගේ කොඩිය ප්‍රේමයය.
5වියළි මිදිපලවලින් මා ශක්තිමත්කර, ජම්බුවලින් මා ප්‍රාණවත්කරන්න.
මක්නිසාද මම ප්‍රේමාතුරව සිටිමි.
6ඔහුගේ වමත මාගේ හිස යටය, දකුණතද මා වැළඳගනියි.
7යෙරුසලමේ දූවරුනි, ප්‍රේමය කැමැතිවන තුරු එය නොනැගුටුවන ලෙසත් නුපුබුදුවන ලෙසත් මුවදෙනුන් සහ වනයේ ඕලුදෙනුන් නමින් නුඹලා දිවුරවමි.
බලන්ට යාම සහ ආරාධනාව
8අන්න, මාගේ ප්‍රේමවන්තයාගේ හඬ!
බලව, ඔහු කඳුවල පනිමින්ද හෙල්වල පැන නගිමින්ද එන්නේය.
9මාගේ ප්‍රේමවන්තයා මුවෙකු නොහොත් මුවපැටවෙකු මෙන්ය.
අන්න, ඔහු අපේ තාප්පයට පිටතින් සිට, කවුළුවලින් බලයි, ගරාදි අතුරෙන් එබීබලයි.
10මාගේ ප්‍රේමවන්තයා කථාකර මට කියන්නේ:
මාගේ සොඳුර, ශෝභන තැනැත්තිය, නැගිට එන්න.
11මක්නිසාද ශීත කාලය පසුවිය, වැස්ස නැවතුණේය;
12පොළොව පිට මල් පෙනෙයි;
කුරුල්ලන් නාදකරන කාලය පැමිණියේය, කොබෙයියාගේ හඬ අපේ දේශයෙහි ඇසෙයි;
13දිඹුල් ගසේ අමු ගෙඩි ඉදීගන එයි, මිදිවැල්වල මල් පිපී, සුවඳ හමයි.
මාගේ සොඳුර, මාගේ ශෝභන තැනැත්තිය, නැගිට එන්න.
14පර්වත විවරවලද උස් කඳුවල රහස් තැන්හිද සිටින මාගේ පරෙවිදෙන, නුඹේ මුහුණ මට දකින්ටත් නුඹේ හඬ අසන්ටත් දෙන්න;
මක්නිසාද නුඹේ හඬ මිහිරිය, නුඹේ මුහුණ ශෝභනයයි කීවේය.
15මිදිවැල් නරක්කරන සිවලුන් එනම් කුඩා සිවලුන් අල්ලාදෙන්න;
මක්නිසාද අපේ මිදිවැල්වල මල් පිපී තිබේ.
16මාගේ ප්‍රේමවන්තයා මාගේය, මම ඔහුගේය.
ඔහු මහනෙල් අතරේ රැළ කවයි.
17මාගේ ප්‍රේමවන්තය, දහවල් සිසිල්වී සෙවණැලි පහවන තුරු, බෙතෙර් කඳු පිට යන මුවෙක් නොහොත් මුව පැටියෙක්මෙන් හැරී එන්න.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy