YouVersion Logo
Search Icon

රූත්ගේ කථාව 4:14-17

රූත්ගේ කථාව 4:14-17 SROV

ස්ත්‍රියෝ නායොමිට කථාකොට: අද නුඹට ළඟ නෑයෙක් නැතුව සිටින්ට නෑරියාවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා, ඔහුගේ නාමය ඉශ්‍රායෙල්හි කීර්තිමත් වේවා. ඔහු වනාහි නුඹේ ජීවිතය ප්‍රාණවත් කරන්නෙක්ද නුඹේ මහලු වයසේදී නුඹ පෝෂ්‍යකරන්නෙක්ද වන්නේය. මක්නිසාද නුඹට ආදරය ඇත්තාවූද පුත්‍රයන් සත්දෙනෙකුට වඩා නුඹට යහපත් වූද නුඹේ යෙහෙළිය ඔහු බිහිකළායයි කීවෝය. නායොමි ළදරුවා ගෙන තමාගේ ළයෙහි හොවා ඇතිකළාය. අසල්වාසි ස්ත්‍රියෝ: නායොමිට පුත්‍රයෙක් උපන්නේය කියා ඕබෙද් යන නම ඔහුට තැබුවෝය. ඔහු දාවිත්ගේ පියවූ යෙස්සේගේ පියාය.

Free Reading Plans and Devotionals related to රූත්ගේ කථාව 4:14-17