රෝම 4:1-8
රෝම 4:1-8 SROV
එසේවී නම් මාංසාකාරයෙන් අපේ මුල් පියවූ ආබ්‍රහම්ට කුමක් ලැබුණේයයි කියමුද? මක්නිසාද ආබ්‍රහම් ක්‍රියා කරණකොටගෙන ධර්මිෂ්ඨ කරනලද්දේවී නම්, ඔහුට පාරට්ටුකරගැනීමට කාරණයක් ඇත; නුමුත් දෙවියන්වහන්සේ ඉදිරියෙහි නොවේය. මක්නිසාද ලියවිල්ලේ කුමක් කියා තිබේද? ආබ්‍රහම් දෙවියන්වහන්සේව විශ්වාසකෙළේය, එය ඔහුට ධර්මිෂ්ඨකම කොට ගණන්ගන්නාලද්දේය කියාය. ඉඳින් වැඩකරන්නාට කුලිය ණයක් වශයෙන් මිස කරුණාවක් වශයෙන් ගණන්ගනු නොලැබේ. නුමුත් වැඩ නොකරන්නාවූ, අභක්තිකයන් ධර්මිෂ්ඨකොට ගණන්ගන්න තැනන්වහන්සේ කෙරෙහි අදහන්නාවූ අයට ඔහුගේ ඒ ඇදහිල්ල ධර්මිෂ්ඨකම කොට ගණන්ගනු ලැබේ. එලෙසම දෙවියන්වහන්සේ යමෙකුට ධර්මිෂ්ඨකම ක්‍රියා නැතුව ගණන් තබනසේක්ද, ඔහුගේ ආශිර්වාදලත්කම දාවිත් දක්වමින්: තමුන්ගේ අයුතුකම්වලට කමාවත් තමුන්ගේ පාපයට වැස්මත් ලැබූ තැනැත්තෝ ආශීර්වාදලද්දෝය. ස්වාමීන්වහන්සේ විසින් පාපය ගණන් නොතබන්නාවූ මනුෂ්‍යයා ආශීර්වාදලද්දේයයි කියයි.





