ගීතාවලිය 6:2-6
ගීතාවලිය 6:2-6 SROV
ස්වාමිනි, මම මැලවී සිටිමි; එබැවින් මට කරුණාකළ මැනව. ස්වාමිනි, මාගේ ඇට චලිතව තිබේ; එබැවින් මා සුවකළ මැනව. මාගේ ආත්මයද අතිශයින් කැලඹී තිබේ. ස්වාමිනි, ඔබ ප්‍රමාදවන්නේ කොපමණ කල්ද? ස්වාමිනි, හැරී මාගේ ප්‍රාණය නිදහස්කළමැනව. ඔබගේ කරුණාව නිසා මා ගැළවුවමැනව. මක්නිසාද මරණයේදී ඔබ සිහි කිරීමක් නැත. ෂෙයෝලේදී ඔබට ස්තුතිකරන්නේ කවරෙක්ද? මාගේ සුසුම්ලීමෙන් වෙහෙසව සිටිමි; රැයක් පාසා මාගේ යහන උල්පවමි; මාගේ කඳුළෙන් මාගේ ඇඳ තෙමමි.





