YouVersion Logo
Search Icon

ගීතාවලිය 58

58
අධර්මිෂ්ඨ විනිශ්චයකාරයන්ට තරවටුකිරීම ‍
නායක වාද්‍යකරුටයි; ‘නාස්ති නොකළ මැනව.’ දාවිත්ගේ ගීතයකි.
1බලවන්තයෙනි, සැබවින් නුඹලා යුක්තිය ප්‍රකාශකරවුද?
මනුෂ්‍ය පුත්‍රයෙනි, නුඹලා අවංක ලෙස විනිශ්චයකරවුද?
2එසේය, නුඹලා සිතින් දුෂ්ටකම් කරන්නහුය;
පොළොවෙහි නුඹලාගේ අත්වල බලාත්කාරය කිරා දෙන්නහුය.
3දුෂ්ටයෝ මවු කුස පටන් නොමග යති.
ඔව්හු උපන්තැන් පටන් බොරු කියමින් මුළාව යති.
4ඔවුන්ගේ විෂ සර්පවිෂ මෙන්ය.
ඔව්හු කන් වසාගන්න බිහිරි පොළඟාට සමානය;
5මතුරන්නන් කොපමණ සමර්ථලෙස මැතුරුවත් ඌ ඔවුන්ගේ හඬට කන් නොදෙයි.
6දෙවියන්වහන්ස, ඔවුන්ගේ මුඛයෙහි ඔවුන්ගේ දළ බින්ද මැනව.
ස්වාමිනි, තරුණ සිංහයන්ගේ මහා දත් බිඳදැමුව මැනව.
7ඉක්මනින් බහින වතුර මෙන් ඔව්හු දියව යෙත්වා.
උන්වහන්සේ තමන්ගේ ඊගස් තැත් කවන කල ඔව්හු සිඳිනු ලැබූවන් මෙන් වෙත්වා.
8දියව යන ගොම්බෙල්ලෙකු මෙන්ද, ස්ත්‍රියෙකුගේ හිරු නුදුටු අකාල ගර්භ ඵලය මෙන්ද ඔව්හු පහවෙත්වා.
9නුඹලාගේ සැළිවලට කටුදරඋෂ්ණය වදින්ට පළමුවෙන්, උන්වහන්සේ අමු දරත් දැවෙන දරත් එක ලෙසම සුළිසුළඟකින් පහ කරනසේක.
10පළිගැනීම දකින කල ධර්මිෂ්ඨයා ප්‍රීතිවන්නේය.
දුෂ්ටයාගේ ලෙයින් තමාගේ පාද සෝදාගන්නේය.
11එවිට:
සැබවින්ම ධර්මිෂ්ඨයාට විපාකයක් ඇත්තේය, සැබවින්ම පොළොවෙහි විනිශ්චය කරන දෙවිකෙනෙක් ඇත්තේයයි මනුෂ්‍යයෝ කියන්නෝය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy