YouVersion Logo
Search Icon

ගීතාවලිය 23

23
යහපත් බැටළු එඬේරාණෝ
දාවිත්ගේ ගීතයකි.
1 ස්වාමීන්වහන්සේ මාගේ එඬේරාය; මට හිඟයක් නොවන්නේය.
2උන්වහන්සේ නිල් ගොදුරු බිම්වල මා ලගින්ට සලස්වනසේක.
නිශ්චලවූ දිය අසලින් මා ගෙනයනසේක.
3උන්වහන්සේ මාගේ ආත්මය ප්‍රාණවත්කරනසේක;
ස්වකීය නාමය නිසා ධර්මිෂ්ඨකමේ මාවත්වල මා ගෙනයනසේක.
4එසේය, මරණ සෙවණේ මිටියාවත මැදින් යන්නෙම් නමුත්, කිසි උපද්‍රවයකට භය නොවන්නෙමි;
මක්නිසාද ඔබ මා සමඟය.
ඔබගේ දණ්ඩෙන් හා සැරයටියෙන් මට සැනසිල්ල ලැබේ.
5මාගේ සතුරන් ඉදිරියෙහි ඔබ මට කෑම මේසයක් පිළියෙළ කරනසේක.
මාගේ හිස තෙලින් ආලේපකළසේක;
මාගේ කුසලාන උතුරායයි.
6සැබවින් යහපත්කමත් කරුණාවත් මාගේ ජීවිතයේ සියලු දවස්වල මා අනුව එන්නේය.
මම සදාකල්ම ස්වාමීන්ගේ ගෘහයෙහි වාසයකරන්නෙමි.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in