ගීතාවලිය 20
20
යුද්ධයට යෑමේදී කළ යාච්ඤාව
නායක වාද්‍යකරුටයි. දාවිත්ගේ ගීතයකි.
1විපත්ති දවසේදී ස්වාමීන්වහන්සේ නුඹට උත්තරදෙනසේක්වා;
යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ නාමය නුඹ උසස්කෙරේවා;
2ශුද්ධස්ථානයෙන් නුඹට පිහිට එවනසේක්වා, සියොන්හි සිට නුඹ ශක්තිමත් කරනසේක්වා;
3නුඹේ පූජා සියල්ල සිහිකරනසේක්වා, නුඹේ දවන පූජාව පිළිගන්නාසේක්වා;
4නුඹේ සිතේ ආශාව ලෙස නුඹට දෙනසේක්වා, නුඹේ මන්ත්‍රණ සියල්ල ඉෂ්ටකරනසේක්වා.
5නුඹේ ගැළවීම ගැන අපි ජය ඝෝෂාකරන්නෙමුව, අපේ දෙවියන්වහන්සේගේ නමින් අපගේ කොඩි නගන්නෙමුව.
ස්වාමීන්වහන්සේ නුඹේ සියලු ඉල්ලීම් ඉෂ්ටකරනසේක්වා.
6 ස්වාමීන්වහන්සේ තමන් අභිෂේකලත් තැනැත්තා ගළවන බව දැන් දනිමි;
උන්වහන්සේ තමන් ශුද්ධවූ ස්වර්ගයේ සිට, තමන් දකුණතේ ගැළවීමේ ශක්තියෙන් ඔහුට උත්තරදෙනසේක.
7සමහරු රථ කෙරෙහිද සමහරු අශ්වයන් කෙරෙහිද විශ්වාසකෙරෙති.
නුමුත් අපි අපේ දෙවිවූ ස්වාමීන්ගේ නාමය සඳහන්කරන්නෙමුව.
8ඔව්හු නැමී වැටී සිටිති.
නුමුත් අපි නැගිට කෙළින් සිටිමුව.
9 ස්වාමිනි, ගැළවුව මැනව.
අප හඬගසන කල රජ්ජුරුවෝ අපට උත්තරදෙනසේක්වා.
Currently Selected:
ගීතාවලිය 20: SROV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society

: