ගීතාවලිය 2:7-11
ගීතාවලිය 2:7-11 SROV
මම නියමය ප්‍රකාශකරන්නෙමි. ස්වාමීන්වහන්සේ මට කථාකොට: නුඹ මාගේ පුත්‍රයෙහිය; අද නුඹ ජනිතකෙළෙමි. මාගෙන් ඉල්ලව, එවිට නුඹේ උරුමයට ජාතීන්ද නුඹේ කොටසට පොළොවේ සීමාන්තය දක්වාද දෙන්නෙමි. නුඹ ඔවුන් යදණ්ඩකින් බිඳ, කුඹලෙකුගේ භාජනයක් මෙන් ඔවුන් සුණුකරන්නෙහියයි කීසේක. එබැවින් රජදරුවෙනි, දැන් ඥානවත්ව සිටිව්. පොළොවේ විනිශ්චයකාරයෙනි, ගුරුකම් ගනිව්. ස්වාමීන්ට භයින් මෙහෙකරව්, වෙවුලුම් සහිතව ප්‍රීතිවව්.





