ගීතාවලිය 147
147
දෙවියන්වහන්සේගේ දයාව සහ බලය වර්ණනාකිරීම
1 ස්වාමීන්ට ප්‍රශංසාකරව්;
මක්නිසාද අපේ දෙවියන් වහන්සේට ප්‍රශංසා ගී කීම යහපත්ය.
එයින් ප්‍රීතිය උපදනේය, ප්‍රශංසාකිරීම හොබනේය.
2 ස්වාමීන්වහන්සේ යෙරුසලම ගොඩනගනසේක;
පන්නාදමනු ලැබූ ඉශ්‍රායෙල් සෙනඟ රැස්කරනසේක.
3උන්වහන්සේ බිඳුණු සිත් ඇත්තන් සුවකරනසේක.
ඔවුන්ගේ තුවාල බඳිනසේක.
4උන්වහන්සේ තාරකාවන් ගණන් කොට, ඒ සියල්ලට නම් තබනසේක.
5අපේ ස්වාමීන්වහන්සේ උතුම්ය, මහා බලයෙන් යුක්තය;
උන්වහන්සේගේ ඥානය අනන්තය.
6 ස්වාමීන්වහන්සේ යටහතුන්ට උපකාරකරනසේක;
දුෂ්ටයන් බිම හෙළනසේක.
7ස්තුති දීමෙන් ස්වාමීන්ට ගී කියව්;
වීණාවෙන් අපේ දෙවියන්වහන්සේට ප්‍රශංසා ගී කියව්.
8උන්වහන්සේ අහස වලාකුළින් වසනසේක, පොළොවට වැසි වස්වනසේක, කඳුවල තෘණ අටගන්වනසේක.
9උන්වහන්සේ මෘගයාටත් අඬන කපුටු පැටවුන්ටත් කෑම දෙනසේක.
10අශ්වයාගේ ශක්තියට උන්වහන්සේ ප්‍රිය නොවනසේක.
මනුෂ්‍යයෙකුගේ පාදයන්හි උන්වහන්සේට ප්‍රසන්නයක් නැත.
11 ස්වාමීන්වහන්සේ තමන් කෙරෙහි භය ඇත්තන්ටත් තමන්ගේ කරුණාව ගැන බලාසිටින්නන්ටත් ප්‍රසන්නවනසේක.
12එම්බා යෙරුසලම, ස්වාමීන්ට ප්‍රශංසාකරව;
සියොන් නගරය, නුඹේ දෙවියන්වහන්සේට ප්‍රශංසාකරව.
13මක්නිසාද උන්වහන්සේ නුඹේ වාසල් දොරටුවල අගුල් සවිකළසේක;
නුඹ තුළ නුඹේ දරුවන්ට ආශීර්වාද කළසේක.
14නුඹේ සීමා තුළ සමාදානය සිදුකරනසේක.
ඉතා උතුම් ගෝධුමයෙන් නුඹ පුරවන සේක.
15උන්වහන්සේ ස්වකීය ආඥාව පොළොවෙහි යවනසේක;
උන්වහන්සේගේ වචන යුහුව දුවයි.
16උන්වහන්සේ බැටළු ලොම් මෙන් හිම වස්වනසේක;
අලු මෙන් මිදුණු පිනි විසුරුවනසේක.
17ස්වකීය හිම කැට කැබෙලි කොට වීසි කරනසේක.
උන්වහන්සේගේ ශීත හමුවෙහි සිටින්ට පුළුවන් කාටද?
18උන්වහන්සේ තමන් වචනය යවා ඒවා දියකරනසේක.
උන්වහන්සේ තමන් හුළඟ හමන්ට සලස්වනසේක, එවිට ජලධාරාවෝ ගලායති.
19උන්වහන්සේ යාකොබ්ට ස්වකීය වචනයද ඉශ්‍රායෙල්ට ස්වකීය පනත් සහ විනිශ්චයන්ද පෙන්වනසේක.
20උන්වහන්සේ වෙන කිසි ජාතියකට මෙසේ නොකළසේක.
උන්වහන්සේගේ විනිශ්චයන් වනාහි ඔව්හු දැන නොගත්තෝය.
ස්වාමීන්ට ප්‍රශංසාකරව්.
Currently Selected:
ගීතාවලිය 147: SROV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society

: