YouVersion Logo
Search Icon

ගීතාවලිය 131

131
ළමයෙකු මෙන් භාරවීම
ආරෝහණ ගීයකි; දාවිත් විසිනි.
1 ස්වාමිනි, මාගේ සිත උඩඟු නොවේ, මාගේ ඇස්ද උදාර නොවේ;
මහත් කාරණාවලවත් මාගේ පමණට වැඩිවූ මහත් ක්‍රියාවලවත් මැදි නොවෙමි.
2සැබවින් මාගේ ආත්මය සනසා නිශ්චලකරගතිමි;
කිරිවැරූ ළදරුවෙක් මවු වෙත යම්සේද, මාගේ ආත්මය මා වෙත කිරිවැරූ ළදරුවෙකු මෙන් වේ.
3එම්බා ඉශ්‍රායෙල්, මෙතැන් පටන් සදාකල්ම ස්වාමීන් කෙරෙහි බලාපොරොත්තු වෙව.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in