ගීතාවලිය 122
122
යෙරුසලම ගැන වන්දනාකාරයාගේ ප්‍රීතිය
ආරෝහණ ගීයකි; දාවිත් විසිනි.
1 ස්වාමීන්ගේ ගෘහයට යමුයයි ඔවුන් මට කී විට මම සන්තෝෂවීමි.
2එම්බා යෙරුසලම, අපේ පාද නුඹේ දොරටු ඇතුළේ තබා තිබේ.
3එම්බා යෙරුසලම, මනාකොට සෑදූ නුවරක් මෙන් නුඹ ගොඩනගනලද්දීය.
4ගෝත්‍රයෝ, ස්වාමීන්ගේ ගෝත්‍රයෝ, ඉශ්‍රායෙල්ට සාක්ෂියක් වශයෙන් ස්වාමීන්ගේ නාමයට ස්තුතිකරන පිණිස එතැනට යෙති.
5මක්නිසාද සිංහාසන, එනම් දාවිත්ගේ වංශයේ සිංහාසන, විනිශ්චය පිණිස එහි පිහිටා තිබේ.
6යෙරුසලමේ සමාදානය උදෙසා යාච්ඤාකරව්.
නුඹට ප්‍රේමකරන්නෝ දියුණුවන්නෝය.
7නුඹේ පවුරු ඇතුළත සමාදානයත් නුඹේ මාළිගා තුළ අභිවෘද්ධියත් වේවා.
8මාගේ සහෝදරයන් හා සමාගම්කාරයන් නිසා:
නුඹ ඇතුළේ සමාදානය වේවයි කියමි.
9අපේ දෙවිවූ ස්වාමීන්ගේ ගෘහය නිසා නුඹේ යහපත සොයන්නෙමි.
Currently Selected:
ගීතාවලිය 122: SROV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society

: