ගීතාවලිය 119
119
දේව පනතේ මාහැඟිකම
1 ආලෙෆ්
1නිර්දෝෂ මාර්ගයෙහි යන්නාවූ, ස්වාමීන්ගේ ව්‍යවස්ථාවෙහි හැසිරෙන්නාවූ තැනැත්තෝ භාග්‍යවන්තයෝය.
2උන්වහන්සේගේ ශික්ෂා පවත්වන්නාවූ, මුළු සිතින් උන්වහන්සේ සොයන්නාවූ තැනැත්තෝ භාග්‍යවන්තයෝය.
3එසේය, ඔව්හු කිසි අධර්මිෂ්ඨකමක් නොකෙරෙති;
ඔව්හු උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙති.
4අප විසින් ඔබගේ නියෝග උත්සාහයෙන් පවත්වන පිණිස ඔබ ඒවා අපට අණකළසේක.
5ඔබගේ පනත් පවත්වන පිණිස මාගේ මාර්ග ස්ථිර නම් කොපමණ යහපත්ද!
6ඔබගේ ආඥා සියල්ල සලකන විට මම ලජ්ජා නොවන්නෙමි.
7ඔබගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් මා ඉගෙනගන්න කල සිතේ අවංකකමින් ඔබට ස්තුතිකරන්නෙමි.
8ඔබගේ පනත් පවත්වන්නෙමි, මා සහමුලින්ම අත් නොහළ මැනව.
2 බෙත්
9තරුණයෙක් තමාගේ මාර්ගය පවිත්‍රකරගන්නේ කුමකින්ද?
ඔබගේ වචනය ප්‍රකාර පැවැත්මෙනි.
10මාගේ මුළු සිතින් ඔබ සෙවීමි.
ඔබගේ ආඥාවලින් මුළාවයන්ට මට ඉඩ නුදුන මැනව.
11ඔබට විරුද්ධව පව් නොකරන පිණිස ඔබගේ වචනය මාගේ සිතේ නිධාන කරගතිමි.
12 ස්වාමිනි, ඔබ ප්‍රශංසිතය.
ඔබගේ පනත් මට ඉගැන්නුව මැනව.
13ඔබගේ මුඛයේ සියලු විනිශ්චයන් මාගේ තොල්වලින් ප්‍රකාශකෙළෙමි.
14සියලු සම්පතෙහි මෙන් ඔබගේ ශික්ෂා මාර්ගයෙහි ප්‍රීතිමත්වීමි.
15ඔබගේ නියෝග භාවනාකරන්නෙමි, ඔබගේ මාර්ග සලකන්නෙමි.
16ඔබගේ පනත්වලට ප්‍රියවන්නෙමි.
ඔබගේ වචනය සිහිනැති නොකරන්නෙමි.
3 ගීමෙල්
17මා ජීවත්වන පිණිස ඔබගේ මෙහෙකරුවාට බොහෝසේ යහපත්කම් කළ මැනව;
එවිට ඔබගේ වචනය පවත්වන්නෙමි.
18ඔබගේ ව්‍යවස්ථාවෙන් ආශ්චර්යමත් දේ දක්නා පිණිස මාගේ ඇස් පැහැදුව මැනව.
19මම පොළොවෙහි විදේශිකයෙක්ව සිටිමි.
ඔබගේ ආඥාවන් මාගෙන් නොසැඟවුව මැනව.
20සෑමවිටම ඔබගේ විනිශ්චයන් කෙරෙහි ඇති ආශාවෙන් මාගේ සිත බිඳේ.
21ඔබගේ ආඥාවලින් මුළාව යන්නාවූ, ශාපලද්දාවූ උඩඟුවූවන්ට ඔබ තරවටුකළසේක.
22නින්දාවත් අවමාන්නයත් මා කෙරෙන් පහකළ මැනව;
මක්නිසාද ඔබගේ ශික්ෂා රක්ෂාකෙළෙමි.
23අධිපතියෝද හිඳගෙන මට විරුද්ධව කථාකළෝය.
නුමුත් ඔබගේ මෙහෙකරුවා ඔබගේ පනත් භාවනාකෙළේය.
24ඔබගේ ශික්ෂාද මාගේ ප්‍රීතිය හා මාගේ මන්ත්‍රීහුය.
4 ඩාලෙත්
25මාගේ ආත්මය ධූලියට ඇලේ.
ඔබගේ වචනය ලෙස මා ප්‍රාණවත් කළ මැනව.
26මාගේ මාර්ග කියාදුනිමි, ඔබ මට උත්තරදුන්සේක.
ඔබගේ පනත් මට ඉගැන්නුව මැනව.
27ඔබගේ නියෝග මාර්ගය මට තේරුම්කරදුන මැනව.
එවිට ඔබගේ ආශ්චර්ය ක්‍රියා ගැන භාවනාකරන්නෙමි.
28ශෝකය නිසා මාගේ ආත්මය දියවේ.
ඔබගේ වචනය පරිද්දෙන් මා ශක්තිමත්කළ මැනව.
29වංකකමේ මාර්ගය මා කෙරෙන් පහකළමැනව.
ඔබගේ ව්‍යවස්ථාව කරුණාවෙන් මට දුන මැනව.
30විශ්වාසකමේ මාර්ගය තෝරාගතිමි.
ඔබගේ විනිශ්චයන් මා ඉදිරියෙහි තබාගතිමි.
31ඔබගේ ශික්ෂාවලට ඇලුම්වෙමි.
ස්වාමිනි, මා ලජ්ජාවට නොපැමිණවුව මැනව.
32ඔබ මාගේ සිත පහදන කල්හි ඔබගේ ආඥා මාර්ගයෙහි දුවන්නෙමි.
5 හේ
33 ස්වාමිනි, ඔබගේ ව්‍යවස්ථා මාර්ගය මට ඉගැන්නුව මැනව;
එය කෙළවර දක්වා පවත්වන්නෙමි.
34මට තේරුම දුන මැනව, එවිට ඔබගේ ව්‍යස්ථාව රක්ෂාකරන්නෙමි;
එසේය, මාගේ මුළු සිතින් එය පවත්වන්නෙමි.
35ඔබගේ ආඥා මාර්ගයෙහි මා යැවුව මැනව;
මක්නිසාද ඊට ප්‍රියවෙමි.
36ලාභයට නොව ඔබගේ ශික්ෂාවලට මාගේ සිත යොමු කළ මැනව.
37නිෂ්ඵල දේ බැලීමෙන් මාගේ ඇස් හරවා, ඔබගේ මාර්ගයන්හි මා ප්‍රාණවත්කළ මැනව.
38ඔබ කෙරෙහි භයවීමට හේතුවූ ඔබගේ වචනය ඔබගේ මෙහෙකරුවාට ස්ථිර කළමැනව.
39මට භය උපදවන මාගේ නින්දාව මා කෙරෙන් පහකළ මැනව;
මක්නිසාද ඔබගේ විනිශ්චයෝ යහපත්ය.
40ඔබගේ නියෝගවලට ආශාවීමි.
ඔබගේ ධර්මිෂ්ඨකමෙහි මා ප්‍රාණවත් කළ මැනව.
6 වාව්
41 ස්වාමිනි, ඔබගේ වචනය පරිද්දෙන් ඔබගේ කරුණාව, එනම් ඔබගේ ගැළවීම, මා වෙතට පැමිණේවා.
42එවිට මට නින්දාකරන්නාට දිය යුතු උත්තරයක් මට ඇතිවන්නේය;
මක්නිසාද මම ඔබගේ වචනය කෙරෙහි විශ්වාසකරමි.
43තවද සත්‍ය වචනය මාගේ කටින් සහමුලින්ම ඉවත් නොකළ මැනව;
මක්නිසාද ඔබගේ විනිශ්චයන් කෙරෙහි බලාපොරොත්තුවීමි.
44මෙසේ ඔබගේ ව්‍යවස්ථාව සදාකල්හිම නිතරම පවත්වන්නෙමි.
45මම නිදහස්ලෙස හැසිරෙන්නෙමි;
මක්නිසාද ඔබගේ නියෝග සෙවීමි.
46රජුන් ඉදිරියෙහිත් ඔබගේ ශික්ෂා ගැන ලජ්ජා නොවී කථාකරන්නෙමි.
47මා ප්‍රේමකළාවූ ඔබගේ ආඥාවන් කෙරෙහි ප්‍රීතිවන්නෙමි.
48මා ප්‍රේමකළාවූ ඔබගේ ආඥාවන් දෙස මාගේ අත් ඔසවමින්, ඔබගේ පනත් භාවනාකරන්නෙමි.
7 ශයින්
49බලාපොරොත්තුවෙන්ට ඔබ මට සැලැස්වූ හෙයින් ඔබගේ මෙහෙකරුවාට කී වචනය සිහිකළ මැනව.
50මාගේ දුකේදී මාගේ සැනසීම නම් මේය.
මක්නිසාද ඔබගේ වචනය මා ප්‍රාණවත්කෙළේය.
51උඩඟු අය මට අතිශයින් අපහාස කළෝය.
එහෙත් මම ඔබගේ ව්‍යවස්ථාවෙන් ඉවත නොගියෙමි.
52 ස්වාමිනි, පුරාණයේ සිට තිබුණ ඔබගේ විනිශ්චයන් සිහිකොට සැනසීම ලබාගතිමි.
53ඔබගේ ව්‍යවස්ථාව අත්හරින දුෂ්ටයන් නිසා ඇවිළෙන කෝපය මා පිටට පැමිණියේය.
54මාගේ නවාතැන් ගෙයිදී ඔබගේ පනත් මාගේ ගායනා විය.
55 ස්වාමිනි, රාත්‍රියේදී ඔබගේ නාමය සිහිකොට ඔබගේ ව්‍යවස්ථාව පැවැත්වීමි.
56මෙය මට ලැබුණේ මා ඔබගේ නියෝග රක්ෂාකළ නිසාය.
8 ඛෙත්
57මාගේ කොටස නම් ස්වාමීන්වහන්සේය.
ඔබගේ වචන පවත්වන්නෙමියි කීයෙමි.
58මාගේ මුළු සිතින් ඔබගේ කරුණාව ඉල්ලීමි.
ඔබගේ වචනය පරිද්දෙන් මට කරුණාකළ මැනව.
59මාගේ මාර්ග කල්පනාකොට ඔබගේ ශික්ෂාවලට මාගේ පාද හරවා ගතිමි.
60ඔබගේ ආඥා පැවැත්වීමට මම පමානූණෙමි, ඉක්මන්වීමි.
61දුෂ්ටයන්ගේ රැහැන් මා වටේ එතුණේය;
නුමුත් ඔබගේ ව්‍යවස්ථාව සිහිනැතිනොකෙළෙමි.
62ඔබගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් නිසා මධ්‍යම රාත්‍රියෙහි ඔබට ස්තුතිකරන්ට නැගිටින්නෙමි.
63මම ඔබ කෙරෙහි භය ඇති සියල්ලන්ගේද ඔබගේ නියෝග පවත්වන්නන්ගේද සමාගම්කාරයෙක්මි.
64 ස්වාමිනි, පොළොව ඔබගේ කරුණාවෙන් පිරී තිබේ.
ඔබගේ පනත් මට ඉගැන්නුව මැනව.
9 ටෙත්
65 ස්වාමිනි, ඔබගේ වචනය ප්‍රකාර ඔබගේ මෙහෙකරුවාට ඔබ යහපත කළසේක.
66යහපත් විමර්ශනශක්තියත් ඥානයත් මට ඉගැන්නුව මැනව;
මක්නිසාද මම ඔබගේ ආඥා විශ්වාස කෙළෙමි.
67මට විපත්ති පැමිණෙන්ට පළමුවෙන් මුළාව ගියෙමි;
නුමුත් දැන් ඔබගේ වචනය පවත්වමි.
68ඔබ යහපත්ය, යහපත කරනසේක;
ඔබගේ පනත් මට ඉගැන්නුව මැනව.
69උඩඟු අය මට විරුද්ධව බොරුවක් යෙදුවෝය.
මාගේ මුළු සිතින් ඔබගේ නියෝග රක්ෂාකරන්නෙමි.
70ඔවුන්ගේ සිත් තෙල මෙන් තරය;
නුමුත් මම ඔබගේ ව්‍යවස්ථාවට ප්‍රියවෙමි.
71ඔබගේ පනත් ඉගෙනගන්නා පිණිස මට විපත්ති පැමුණුණා යහපති.
72රන්රිදී දහස් ගණනකට වඩා ඔබගේ මුඛයෙන් නික්මුණු ව්‍යවස්ථාව මට යහපත්ය.
10 යොද්
73ඔබගේ හස්තයෝ මා සාදා නිර්මිත කළෝය.
ඔබගේ ආඥා ඉගෙනගන්නා පිණිස මට නුවණ දුන මැනව.
74ඔබ කෙරෙහි භය ඇත්තෝ මා දැක සන්තෝෂවන්නෝය.
මක්නිසාද මම ඔබගේ වචනය කෙරෙහි බලාපොරොත්තුවීමි.
75 ස්වාමිනි ඔබගේ විනිශ්චයන් ධර්මිෂ්ඨ බවත්, විශ්වාසකමින් ඔබ මට පීඩාකළ බවත් දනිමි.
76ඔබගේ මෙහෙකරුවාට ඔබ කී වචනය පරිද්දෙන් ඔබගේ කරුණාගුණය මාගේ සැනසීම පිණිස වේවා.
77මා ජීවත්වන පිණිස ඔබගේ අනුකම්පාව මා කරා පැමිණේවා.
මක්නිසාද ඔබගේ ව්‍යවස්ථාව මාගේ ප්‍රීතියය.
78උඩඟු අය අයුතුලෙස මා හෙළාදැමූ බැවින් ඔව්හු ලජ්ජාවෙත්වා.
නුමුත් මම ඔබගේ නියෝග භාවනා කරන්නෙමි.
79ඔබ කෙරෙහි භය ඇත්තෝ මා වෙතට හැරී එත්වා, එවිට ඔව්හු ඔබගේ ශික්ෂා දැනගන්නෝය.
80මා ලජ්ජා නොවන පිණිස මාගේ සිත ඔබගේ පනත්වල සම්පූර්ණව පවතීවා.
11 කෆ්
81මාගේ ආත්මය ඔබගේ ගැළවීමට ආශාවෙන් වෑරෙයි.
මම ඔබගේ වචනය කෙරෙහි බලාපොරොත්තුවෙමි.
82ඔබ කවදා මා සනසන සේක්දැයි කියන අතර ඔබගේ වචනය ගැන බලා සිටීමෙන් මාගේ ඇස් ක්ෂයවේ.
83මක්නිසාද මම දුමෙහි තුබූ සම්භාජනයක් මෙන් වීමි;
නුමුත් ඔබගේ පනත් සිහිනැති නොකරමි.
84ඔබගේ මෙහෙකරුවාගේ දවස් කොපමණද?
මට පීඩාකරන්නන් කෙරෙහි ඔබ කවදා යුක්තිය ඉෂ්ටකරනසේක්ද?
85ඔබගේ ව්‍යවස්ථාව ලෙස නොහැසිරෙන්නාවූ උඩඟු අය මට වළවල් හෑරුවෝය.
86ඔබගේ ආඥා සියල්ල විශ්වාස කටයුතුය.
ඔව්හු අයුතුලෙස මට පීඩාකෙරෙති;
මට පිහිටවුව මැනව.
87ඔව්හු පොළොවේදී සහමුලින්ම වාගේ මා නැතිකළෝය;
එහෙත් මම ඔබගේ නියෝග අත් නොහැරියෙමි.
88ඔබගේ කරුණාගුණය ලෙස මා ප්‍රාණවත්කළ මැනව;
එවිට ඔබගේ මුඛයේ ශික්ෂාව පවත්වන්නෙමි.
12 ලාමෙද්
89 ස්වාමිනි, සදාකාලේටම ඔබගේ වචනය ස්වර්ගයෙහි පිහිටා තිබේ.
90ඔබගේ විශ්වාසකම සියලු පරම්පරාවලට පවත්නේය.
ඔබ පොළොව පිහිටෙවුසේක, ඒක පවතී.
91ඔබගේ නියමයන් ලෙස ඒවා අද දක්වා පවතී;
කුමක්හෙයින්ද ඒ සියල්ල ඔබට මෙහෙකරුය.
92ඔබගේ ව්‍යවස්ථාව මාගේ ප්‍රීතිය නොවී නම්, මාගේ විපත්තියේදී මා විනාශවෙන්ට තිබුණේය.
93ඔබගේ නියෝග කිසිකලක සිහි නැති නොකරන්නෙමි;
මක්නිසාද ඔබ එයින් මා ප්‍රාණවත් කළසේක.
94මම ඔබගේය, මා ගැළෙවුව මැනව;
මක්නිසාද ඔබගේ නියෝග සෙවීමි.
95දුෂ්ටයෝ මා විනාශකරන්ට බලා සිටියෝය;
එහෙත් මම ඔබගේ ශික්ෂා කල්පනා කරන්නෙමි.
96සියලු සම්පූර්ණකමේ කෙළවර දුටිමි;
එහෙත් ඔබගේ ආඥාව අති විශාලය.
13 මෙම්
97ඔබගේ ව්‍යවස්ථාවට මම කොපමණ ප්‍රේමකරම්ද!
දවස මුළුල්ලේම ඒක මාගේ භාවනාවය.
98ඔබගේ ආඥා මාගේ සතුරන්ට වඩා මා නැණවත්කරයි;
මක්නිසාද ඒවා නිතර මා සමඟය.
99මාගේ සියලු ගුරුවරුන්ට වඩා මට නුවණ ඇත්තේය;
මක්නිසාද මාගේ භාවනාව ඔබගේ ශික්ෂා ගැනය.
100මා ඔබගේ නියෝග රක්ෂාකළ බැවින් වැඩිමහල්ලන්ට වඩා මට තේරුම් ඇත්තේය.
101ඔබගේ වචනය පවත්වන පිණිස සියලු නපුරු මාර්ගවලින් මාගේ පාද වලක්වාගතිමි.
102ඔබගේ විනිශ්චයන්ගෙන් ඉවත්ව නොගියෙමි;
මක්නිසාද ඔබ මට ඉගැන්වූසේක.
103ඔබගේ වචන මාගේ දිවට කොපමණ මිහිරිද!
එසේය, ඒවා මාගේ කටට මීපැණිවලට වඩා මිහිරිය.
104ඔබගේ නියෝගවලින් මට නුවණ ලැබේ.
එබැවින් සියලු වංක මාර්ග නුරුස්සා හරිමි.
14 නූන්
105ඔබගේ වචන මාගේ පාදයන්ට පහනක්ය, මාගේ මාවතට එළියක්ය.
106ඔබගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් පවත්වන්නෙමියි කියා දිවුළෙමි, ඒක ඉෂ්ටකෙළෙමි.
107මම බොහෝසේ පීඩිතයෙමි.
ස්වාමිනි, ඔබගේ වචනය ප්‍රකාර මා ප්‍රාණවත්කළ මැනව.
108 ස්වාමිනි, මාගේ මුඛයෙන් පැවසූ සතුටු පූජා පිළිගෙන, ඔබගේ විනිශ්චයන් මට ඉගැන්නුව මැනව.
109මාගේ ප්‍රාණය නිතරම මාගේ අතෙහිය;
එහෙත් ඔබගේ ව්‍යවස්ථාව සිහි නැති නොකරමි.
110දුෂ්ටයෝ මට මලපතක් තැබුවෝය;
එහෙත් ඔබගේ නියෝගවලින් මුළාව නොගියෙමි.
111ඔබගේ ශික්ෂා සදාකාලයට උරුමයක් කොට ගතිමි;
මක්නිසාද ඒවා මාගේ සිතේ ප්‍රීතියය.
112සදාකාලේටම, අන්තිම දක්වා, ඔබගේ පනත් ඉෂ්ටකරන්ට මාගේ සිත නැමුවෙමි.
15 සාමෙක්
113දෙසිත් ඇත්තවුන්ට ද්වේෂකරමි;
නුමුත් ඔබගේ ව්‍යවස්ථාවට ප්‍රේමකරමි.
114ඔබ මාගේ සැඟවෙන ඉඩමත් පලිහත්ය.
ඔබගේ වචනය කෙරෙහි බලාපොරොත්තුවෙමි.
115නපුරුකම් කරන්නෙනි, මා වෙතින් පහවයව්.
මාගේ දෙවියන්වහන්සේගේ ආඥාවන් පවත්වන්නෙමි.
116මා ජීවත්වන පිණිස ඔබගේ වචනය ප්‍රකාර මා දැරුව මැනව;
මාගේ බලාපොරොත්තුව ගැන ලජ්ජා නොවෙම්වා.
117මා දැරුව මැනව, එවිට මම සුරක්ෂිතව සිට, ඔබගේ පනත් නිතරම සලකන්නෙමි.
118ඔබගේ පනත්වලින් මුළාවයන සියල්ලන් ඔබ සුළුකොට සිතූසේක.
මක්නිසාද ඔවුන්ගේ වංචාව නිෂ්ඵලය.
119ඔබ පොළොවේ සියලු දුෂ්ටයන් බොර මෙන් පහකරනසේක.
එබැවින් ඔබගේ ශික්ෂාවලට ප්‍රේම කරමි.
120ඔබට භයින් මාගේ මාංසය තැති ගනියි;
ඔබගේ විනිශ්චයන්ට භයවෙමි.
16 අයින්
121යුක්තියත් ධර්මිෂ්ඨකමත් කෙළෙමි.
මට පීඩාකරන්නන්ට මා නොහැරිය මැනව.
122යහපත පිණිස ඔබගේ මෙහෙකරුවාට ඇපවුව මැනව.
උඩඟු අය මට පීඩා නොකෙරෙත්වා.
123ඔබ දෙන ගැළවීම හා ඔබගේ ධර්මිෂ්ඨ වචනය ගැන බලා සිටීමෙන් මාගේ ඇස් ක්ෂයවේ.
124ඔබගේ කරුණාව පරිද්දෙන් ඔබගේ මෙහෙකරුවාට ක්‍රියාකරමින්, ඔබගේ පනත් මට ඉගැන්නුව මැනව.
125මම ඔබගේ මෙහෙකරුයෙමි;
ඔබගේ ශික්ෂා දැනගන්නා පිණිස මට නුවණ දුන මැනව.
126 ස්වාමීන්වහන්සේ විසින් ක්‍රියා කිරීමට සුදුසු කාලය දැන්ය;
මක්නිසාද ඔව්හු ඔබගේ ව්‍යවස්ථාව කඩකළෝය.
127එබැවින් රනට වඩා, එසේය, පවිත්‍ර රනට වඩා, ඔබගේ ආඥාවලට ප්‍රේමකරමි.
128එබැවින් සියලු දේ ගැන ඔබගේ නියෝග සියල්ල හරියයි සලකමි;
සියලු වංක මාර්ග නුරුස්සා හරිමි.
17 පේ
129ඔබගේ ශික්ෂා ආශ්චර්යමත්ය.
එබැවින් මාගේ ආත්මය ඒවා රක්ෂා කරයි.
130ඔබගේ වචන එළිදරව්වීමෙන් ආලෝකය ලැබේ;
එයින් නුවණ නැත්තන්ට තේරුම් ලැබේ.
131මම ඔබගේ ආඥාවලට ආශාවූ නිසා කට ඇර හතිදැමීමි.
132ඔබගේ නාමයට ප්‍රේමවන්නන්ට ඔබගේ ව්‍යවහාරය ලෙස, මා දෙසට හැරී මට කරුණාකළ මැනව.
133ඔබගේ වාක්‍ය මාර්ගයෙහි මාගේ පාද හැසිරෙවුව මැනව;
කිසි අයුත්තකට මා කෙරෙහි බල පවත්වන්ට ඉඩ නුදුන මැනව.
134මනුෂ්‍යයාගේ බලාත්කාරයෙන් මා මිදුව මැනව.
එවිට ඔබගේ නියෝග පවත්වන්නෙමි.
135ඔබගේ මුහුණ ස්වකීය මෙහෙකරුවා කෙරෙහි බබළවමින්, ඔබගේ පනත් මට ඉගැන්නුව මැනව.
136මනුෂ්‍යයන් ඔබගේ ව්‍යවස්ථාව නොපවත්වන බැවින්, මාගේ ඇස්වලින් දිය ධාරා ගලා යෙති.
18 ට්ශාඩෙ
137 ස්වාමිනි, ඔබ ධර්මිෂ්ඨය, ඔබගේ විනිශ්චයෝ සෘජුය.
138ඔබ ධර්මිෂ්ඨකමින්ද මහත් විශ්වාසකමින්ද ඔබගේ ශික්ෂා නියමකළසේක.
139මාගේ එදිරිකාරයන් ඔබගේ වචන සිහි නැතිකළ නිසා මාගේ ජ්වලිතය මා සිඳදැම්මේය.
140ඔබගේ වචනය ඉතා පිරිසිදුය;
එබැවින් ඔබගේ මෙහෙකරුවා ඊට ප්‍රේමකරයි.
141මම සුළු කෙනෙක්මි, නින්දා ලද්දෙක්මි.
එහෙත් ඔබගේ නියෝග සිහිනැති නොකරමි.
142ඔබගේ ධර්මිෂ්ඨකම සදාකාලික ධර්මිෂ්ඨකමක්ය, ඔබගේ ව්‍යවස්ථාවද සත්‍යයය.
143විපත හා සිත් වේදනාව මා කරා පැමිණ තිබේ.
එහෙත් ඔබගේ ආඥා මාගේ ප්‍රීතියය.
144ඔබගේ ශික්ෂා සදාකාලේටම ධර්මිෂ්ඨය.
මා ජීවත්වන පිණිස මට නුවණ දුන මැනව.
19 කෝෆ්
145මම මුළු සිතින් යාච්ඤාකෙළෙමි;
ස්වාමිනි, මට උත්තරදුන මැනව.
ඔබගේ පනත් රක්ෂාකරන්නෙමි.
146මම ඔබට අඬගැසීමි;
මා ගැළෙවුව මැනව, එවිට ඔබගේ ශික්ෂා පවත්වන්නෙමි.
147මම අලුයමට පළමුවෙන් නැගිට මොරගැසීමි, ඔබගේ වචන කෙරෙහි බලාපොරොත්තුවීමි.
148ඔබගේ වචනය භාවනාකරන පිණිස රෑ යාම්වලට පළමුවෙන් මාගේ ඇස් ඇරුණේය.
149ඔබගේ කරුණාගුණය පරිද්දෙන් මාගේ ශබ්දය ඇසුව මැනව.
ස්වාමිනි, ඔබගේ විනිශ්චයන් ලෙස මා ප්‍රාණවත්කළ මැනව.
150දුෂ්ටකම අනුව යන්නෝ ළංවෙති;
ඔව්හු ඔබගේ ව්‍යවස්ථාවෙන් දුරුව සිටිති.
151 ස්වාමිනි, ඔබ ළංව සිටිනසේක;
ඔබගේ සියලු ආඥා සත්‍යයය.
152ඔබගේ ශික්ෂා සදාකාලේටම පිහිටෙවු බව පෙර සිට එයින් දැනගතිමි.
20 රේෂ්
153මාගේ විපත්තිය බලා මා ගැළෙවුව මැනව;
මක්නිසාද ඔබගේ ව්‍යවස්ථාව සිහිනැති නොකරමි.
154මාගේ යුක්තිය කියා මා මිදුව මැනව;
ඔබගේ වචනය ලෙස මා ප්‍රාණවත් කළ මැනව.
155ගැළවීම දුෂ්ටයන්ගෙන් දුරය;
මක්නිසාද ඔව්හු ඔබගේ පනත් නොසොයති.
156 ස්වාමිනි, ඔබගේ අනුකම්පා මහත්ය.
ඔබගේ විනිශ්චයන් ලෙස මා ප්‍රාණවත්කළ මැනව.
157මට පීඩාකරන්නෝද මාගේ එදිරිකාරයෝද බොහෝය;
එහෙත් මම ඔබගේ ශික්ෂාවලින් ඉවත නොගියෙමි.
158මම ද්‍රෝහිකම්කරන්නන් දැක දුක්වීමි;
මක්නිසාද ඔව්හු ඔබගේ වචනය නොපවත්වති.
159ඔබගේ නියෝගවලට මා ප්‍රේම කරන හැටි කල්පනාකළ මැනව.
ස්වාමිනි, ඔබගේ කරුණාගුණය පරිද්දෙන් මා ප්‍රාණවත්කළ මැනව.
160ඔබගේ වචනයේ මුළු අදහස නම් සත්‍යයය;
ඔබගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් සියල්ල සදාකල් පවත්නේය.
21 ෂීන්
161අධිපතීහු නිකරුණේ මට පීඩාකළෝය;
නුමුත් මාගේ සිත ඔබගේ වචන වලට භයින් පවතී.
162මහත් කොල්ලයක් ලබන කෙනෙකු මෙන් මම ඔබගේ වචනයෙහි ප්‍රීතිමත්වෙමි.
163බොරුවට වෛරකොට පිළිකුල් කරමි;
නුමුත් ඔබගේ ව්‍යවස්ථාවට ප්‍රේමකරමි.
164ඔබගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් නිසා දවසට සත් වරක් ඔබට ප්‍රශංසා කරමි.
165ඔබගේ ව්‍යවස්ථාවට ප්‍රේමකරන්නන්ට මහත් සමාදානයක් ඇත;
පැකිලීමට කිසිවක්ද ඔවුන්ට නැත්තේය.
166 ස්වාමිනි, ඔබගේ ගැළවීම බලා සිටියෙමි, ඔබගේ ආඥා ඉෂ්ටකෙළෙමි.
167මාගේ ආත්මය ඔබගේ ශික්ෂා පැවැත්විය;
මම ඊට බොහෝසෙයින් ප්‍රේමකරමි.
168මම ඔබගේ නියෝග හා ශික්ෂා පැවැත්වීමි;
මක්නිසාද මගේ සියලු මාර්ග ඔබ ඉදිරියෙහිය.
22 ටාව්
169 ස්වාමිනි, මාගේ මොරගැසීම ඔබ ඉදිරියට පැමිණේවා.
ඔබගේ වචනය පරිද්දෙන් මට නුවණ දුන මැනව.
170මාගේ අයදීම ඔබ ඉදිරියට පැමිණේවා.
ඔබගේ වචනය ලෙස මා මිදුව මැනව.
171ඔබගේ පනත් ඔබ මට උගන්වන බැවින් මාගේ තොල් ප්‍රශංසාව ප්‍රකාශ කෙරේවා.
172ඔබගේ සියලු ආඥා ධර්මිෂ්ඨකම වන බැවින් මාගේ දිව ඔබගේ වචනය ගැන ගී කියාවා.
173ඔබගේ හස්තය මට උපකාර පිණිස සූදානම්වේවා;
මක්නිසාද මම ඔබගේ නියෝග තෝරාගතිමි.
174 ස්වාමිනි, මම ඔබ දෙන ගැළවීම ගැන ආශාවෙමි;
ඔබගේ ව්‍යවස්ථාවද මාගේ ප්‍රීතියය.
175මාගේ ආත්මය ජීවත්වේවා, එවිට එය ඔබට ප්‍රශංසාකරන්නේය;
ඔබගේ විනිශ්චයෝ මට උපකාර කෙරෙත්වා.
176නැතිවූ බැටළුවෙකු මෙන් මුළාව ගියෙමි;
ඔබගේ මෙහෙකරුවා සෙවුව මැනව;
මක්නිසාද ඔබගේ ආඥා සිහිනැති නොකරමි.
Currently Selected:
ගීතාවලිය 119: SROV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society

:
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society