YouVersion Logo
Search Icon

ගීතාවලිය 100

100
සියලු පොළෝවාසීන්ගේ නමස්කාරය
ස්තුතිකිරීමේ ගීතයකි.
1පොළොවේ සියල්ලෙනි, ස්වාමීන්ට ප්‍රීතිනාද පවත්වව්.
2 ස්වාමීන්ට ප්‍රීතියෙන් මෙහෙකරව්.
ගීතිකාකරමින් උන්වහන්සේ ඉදිරියට පැමිණෙව්.
3 ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේ බව දැනගනිව්.
උන්වහන්සේ අප මැවූසේක, අපි උන්වහන්සේගේය;
අපි උන්වහන්සේගේ සෙනඟය, උන්වහන්සේගේ ගොදුරුබිමේ බැටළුවෝය.
4ස්තුතිකරමින් උන්වහන්සේගේ දොරටුවලින් ඇතුල්ව, ප්‍රශංසාකරමින් උන්වහන්සේගේ මණ්ඩපවලට පැමිණෙව්.
උන්වහන්සේට ස්තුතිකරමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසාකරව්.
5මක්නිසාද ස්වාමීන්වහන්සේ යහපත්ය;
උන්වහන්සේගේ කරුණාව සදාකාලේටද උන්වහන්සේගේ විශ්වාසකම සියලු පරම්පරාවලටද පවත්නේය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in