හිතෝපදේශ 31
31
රජකෙනෙකුට අවවාද
1ලෙමුවෙල් රජුගේ වචනය;
ඔහුගේ මෑණියන් විසින් ඔහුට ඉගැන්වූ කීම්ය.
2මාගේ පුත්‍රය, මොකද?
අනේ මාගේ කුස ඔත් පුත්‍රය, මොකද?
මාගේ බාරවල පුත්‍රය, මොකද?
3නුඹේ ශක්තිය ස්ත්‍රීන්ටත් නුඹේ මාර්ග රජවරුන් නාස්ති කරන්නියන්ටත් නොදෙන්න.
4ලෙමුවෙල්, මුද්‍රිකපානය බීම රජුන්ටත් සුරාපානයට ආශාවීම අධිපතීන්ටත් සුදුසු නැත.
5බීවොත් ඔව්හු සමහරවිට නීතිය සිහිනැතිකොට අසරණයන්ගේ නඩුව පෙරළන්නෝය.
6විනාශවෙන්ට යන අයට සුරාපානයද ශෝක සිත ඇත්තන්ට මුද්‍රිකපානයද දෙන්න.
7ඔහු බී තමාගේ දිළිඳුකම සිහිනැතිකොට, තමාගේ කාලකණ්ණිකම තවත් මතක් නොකර සිටීවා.
8නුඹේ මුඛය නිශ්ශබ්දව සිටින්නන් උදෙසාද අනාථවූ සියලු දරුවන්ගේ කාරණය උදෙසාද අරින්න.
9නුඹේ මුඛය ඇර, ධර්මිෂ්ඨලෙස නිශ්චයකර, අසරණයාටත් දිළින්දාටත් යුක්තිය කරන්න.
ගුණවන්ත ස්ත්‍රී
10ගුණවත් ස්ත්‍රියෙක් කාට සම්බවේද?
ඇගේ අගය රතුකැටවලට වඩා වැඩිය.
11ඇගේ පුරුෂයාගේ සිත ඇය කෙරෙහි විශ්වාසකරයි, ඔහුට ලාභයෙන් අඩුවක් නොවන්නේය.
12ඇගේ ජීවිතයේ සියලු දවස්වල ඈ ඔහුට අයහපත නොව යහපත කරන්නීය.
13ඈ ලොම් සහ හණ සොයාගන ප්‍රීතියෙන් ඇගේ අත්වලින් වැඩකරන්නීය.
14ඈ වෙළඳ නැව් මෙන්ය;
ඇගේ කෑම දුරස්තරයෙන් ගෙන්වාගනියි.
15ඈ රැයින්ම නැගිට ඇගේ පවුලේ අයට ආහාරත් ඇගේ දාසීන්ට වැඩත් දෙන්නීය.
16ඈ කෙතක් ගැන කල්පනාකොට ඒක මිලයට ගන්නීය, ඇගේ අත්වල ලාභයෙන් ඈ මිදිවත්තක් වවන්නීය.
17ඈ සවිලෙස ඉඟටිය බැඳගෙන, ඇගේ අත් සවිකරගන්නීය.
18තම වෙළඳාමෙන් හොඳ ලාභ ලැබෙන බව ඈට දැනේ;
රාත්‍රියේ ඇගේ පහන නොනිවේ.
19ඈ ඉද්දට ඇගේ අත් පොවා, ඇගේ හස්තවලින් වවුන්න අල්ලයි.
20ඇගේ හස්තය අසරණයා දෙසට විහිදන්නීය;
එසේය, ඇගේ අත් දිළින්දා වෙතට දිගුකරන්නීය;
21හිම නිසා ඇගේ පවුල ගැන ඈට භයක් නැත;
මක්නිසාද අගේ පවුලේ සියල්ලෝ රතු වස්ත්‍ර ඇඳ සිටිති.
22ඈ ඇතිරිළි සාදාගන්නීය;
ඇගේ ඇඳුම් සිහින් හණ රෙදිවලින්ද රත්නිල් රෙදිවලින්ද සාදා තිබේ.
23ඇගේ පුරුෂයා දේශයේ වැඩිමහල්ලන් සමඟ දොරටුවල ඉඳගන්නා කල සලකනු ලබන්නේය.
24ඈ සිහින් රෙදි සාදා විකුණයි;
වෙළෙන්දාට බඳපටිත් දෙන්නීය.
25බලයත් ගෞරවයත් ඇගේ ඇඳුම්ය;
ඈ මතු දවස් ගැන සිනාසෙන්නීය.
26ඈ නුවණින් යුක්තව ඇගේ මුඛය විහිදන්නීය;
ඇගේ දිවෙහි කරුණාවන්ත දැනමුතුකම් තිබේ.
27ඈ අලසකමේ කෑම නොකා ඇගේ පවුලේ කාරණා බලාගනියි.
28ඇගේ දරුවෝ නැගිට ඈට ආශීර්වාද කරති;
ඇගේ පුරුෂයාත් ඈට ප්‍රශංසාකරමින්:
29බොහෝ දූවරු ගුණවත්කමින් හැසුරුණෝය, නුමුත් නුඹ ඔවුන් සියල්ලන්ට වඩා උතුම්යයි කියන්නේය.
30රූපශ්‍රීය රැවටිලි සහිතය, ශෝභනකම නිෂ්ඵලය, ප්‍රශංසාව ලැබෙන්නේ ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇති ස්ත්‍රියටය.
31ඇගේ අත්වල ඵලයෙන් ඈට දෙන්න;
ඇගේ ක්‍රියා දොරටුවලදී ඈට ප්‍රශංසා කෙරෙත්වා.
Currently Selected:
හිතෝපදේශ 31: SROV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society

: