හිතෝපදේශ 27:1-14
හිතෝපදේශ 27:1-14 SROV
හෙට ගැන පාරට්ටුකර නොගන්න; මක්නිසාද දවසක් ඇතුළතදී මොනවා සිදුවේදැයි නුඹ නොදන්නෙහිය. නුඹේම මුඛය නොව වෙන කෙනෙක්ද නුඹේම තොල් නොව අන්‍යයෙක්ද නුඹට ප්‍රශංසාකෙරේවා. ගලක් බරය, වැලිත් බරය. එහෙත් ඒ දෙකටම වඩා මෝඩයෙකුගේ උරණය බරය. උදහස කෲරය, කෝපයද රෞද්‍රය; එහෙත් කාම ක්‍රෝධය ඉදිරිපිට සිටින්ට පුළුවන් කාටද? ප්‍රසිද්ධියේ තරවටුකිරීම සැඟවී තිබෙන ප්‍රේමයට වඩා හොඳය. මිත්‍රයෙකු විසින් කරන තුවාල විශ්වාසකමින් වේ; එහෙත් සතුරෙකුගේ සිඹීම් අධිකව තිබේ. තෘප්තියට පැමිණි අය මීවදයට අප්‍රිය කරයි; එහෙත් ක්ෂුධාවත් අයට සෑම තික්ත දෙයම මිහිරිය. තමාගේ ස්ථානයෙන් ඈත්ව යන මනුෂ්‍යයා කැදැල්ලෙන් ඈත්ව යන පක්ෂියෙකු මෙන්ය. විලවුන් හා සුගන්ධ ද්‍රව්‍ය සිත ප්‍රීතිකරන්නේය; එසේම යමෙකුගේ මිත්‍රයාගේ හිතේසි මන්ත්‍රණයෙන් ලැබෙන මිහිරිකමද සිත ප්‍රීතිකරයි. නුඹේම මිත්‍රයාද නුඹේ පියාගේ මිත්‍රයාද අත් නොහරින්න; නුඹේ විපත්ති දවසේදී නුඹේ සහෝදරයාගේ ගෙට නොයන්න; ළඟ සිටින අසල්වාසියෙක් දුර සිටින සහෝදරයෙකුට වඩා හොඳය. මාගේ පුත්‍රය, මට නින්දාකරන්නාට උත්තරදෙන පිණිස නුඹ ප්‍රඥාවත්ව සිට මාගේ සිත ප්‍රීතිමත්කරන්න. නුවණැත්තා විපත්තිය දැක සැඟවෙයි; අනුවණයෝ නොනැවතී ගොස් අච්චු ලබති. අන්‍යයෙකුට ඇපවෙන්නාගේ වස්ත්‍රය ගන්න. අන් ස්ත්‍රියෙකුට ඇපවෙන්නාගෙන්ද උකසක් ගන්න. අලුයම නැගිට තමාගේ මිත්‍රයාට මහත් හඬින් ආශීර්වාදකරන්නාට එය ශාපයක් කොට ගණන්ගනු ලබන්නේය.





